ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම වැලිඔයදී

ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම වැලිඔයදී

මෙවර ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවයක් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ මූලිකත්වයෙන් වැලිඔය, සම්පත් නුවර ඇතැවැටුණුවැව, මහවැලි අධිකාරී සංචාරක බලංගලා පරිශ්‍රයේදී 2024 මැයි 05 දි පෙරවරු 10.30 සිට පැවැත්විමට කටයුතු ‍යොදා ඇත.

"හෙට ලෝකයේ උදෙසා තිරසාර පවුල් සෞඛ්‍ය සේවාවක්" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම් උළෙල  රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් සංවිධානය කරන ලද උත්සවයට ශ්‍රී ලංකා පූරා සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහභාගිවන අතර, දේශණ හා ප්‍රසංගවලින් සමන්විත වේ.