සෞඛ්‍ය සේවකයින් නැවතත් සටනට - 9දා සිට අඛණ්ඩ වර්ජනයේ

සෞඛ්‍ය සේවකයින් නැවතත් සටනට - 9දා සිට අඛණ්ඩ වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි 09 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ආර්ථික යුක්තිය ඉටුකිරීමට අදාලාව වෘත්තීය සමිති 72 කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මාස 4 ක් තිස්සේ තම ඉල්ලිම් වෙනුවෙන් කල අරගලය අප්‍රේල් මස තාවකාලිකව නවතා දැමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සකස්කල තාක්ශණික වාර්තාවට අනුව දීමනා ලබාදෙනවායැයි ලබා දුන් ලිඛිත පොරොන්දුව හේතුවෙනි.

නමුත් මේ වනවිට එම එකඟතා නිවරදි ආකාරයෙන් ඉටු නොකිරීම නිසා නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අද දින තීරණය කරන ලදී.

ඒ අනුව රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වෙනිදා සිට පලාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව

09 - උතුරු මැද පලාත

13 - මධ්‍යම පලාත

14 - සබරගමුව පලාත

15 - වයඹ පලාත

16 - දකුණු පලාත

20 - ඌව පලාත

21 - බස්නාහිර පලාත

යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇත.

මේ සදහා ප්‍රතිචාර නොලැබෙන්නේ නම් දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීමට අද දින සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කරන ලදී.

සබැඳි පුවත්