අඩු ආදායම්ලාභීන්ට රැකියා අයදුම්පත් 20 වනදා

අඩු ආදායම්ලාභී සහ නිපුණතා රහිත ශ්‍රමිකයින්ට රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනට අදාළ බඳවා ගැනිමේ ක්‍රමවේදය සහ ඒ සඳහා අයදුම්පත් ප්‍රසිද්ධ කිරිම ලබන 20 වන දිනට පෙර සිදු කිරිමට නියමිතව ඇතැයි රජය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ සැලසුම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි.

ඉතාමත් දිළිදු මට්ටමින් පසුවන සමෘද්ධිලාභි පවුල්වල සාමාජිකයින් සහ සමෘද්ධි සහනාධාර නොලබන පවුල් නඟාසිටුවීම මෙම බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකායේ අරමුණ වී තිබේ.

එවැනි පවුල්වල ශ්‍රම බලකායට දායකවිය හැකි පිරිස හඳුනාගෙන සුදුසු ක්ෂේත්‍රයන් හි මාස 06ක පුහුණවෙන් පසු ස්ථීර රැකියා අවස්ථා ලබාදීම මෙමඟින් සිදු කෙරෙන අතර පදිංචි ප්‍රදේශයේම එම රැකියා අවස්ථාව ලබාදීමටද අපේක්ෂා කරන බැව් සඳහන්ය.

කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නොපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගැනිමට නියමිතය.

සමස්ථ  දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරෙන අතර සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකටම 300ත් 350ත් අතර පිරිසක් මේ යටතේ බඳවා ගැනිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, අනෙකුත් ආගමික පූජක උතුමෙකු, දිස්ත්‍රික්ක ලේකම්, ග්‍රාමනිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ මේ සඳහා සුදුසුකම්ලාභීන් තෝරා ගැනිමට නියමිතය.

තෝරා ගැනිමේ නිවැරැදිතාව තවදුරටත් තහවුරු කර ගැනිමට ආරක්ෂක අංශවල නිපුණතාවක් සහිත පිරිසක් යෙදවීමට ද තීරණය කර තිබේ.

සුදුසුකම්ලාභීන් පාසල්, රෝහල් සහ රාජ්‍ය ආයතනවල අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවන රැකියා සඳහා අනියුක්ත කෙරෙනු ඇත.

වඩු, පෙදරේරු, කෘෂි, ධීවර, වන සංරක්ෂණ වැනි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය  වන පරිදි පුහුණුවිම් කොට සේවයේ පිහිටුවිමට සැලසුම් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ අධික්ෂණය යටතේ බඳවා ගැනිම් සහ පුහුණුවිම් සිදු කිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    නිවැරැදි තේරීම් කිරීමකින් බඳවාගැනීම කරනවානම් සතුටුයි.අපිට ලැබෙන්නේ නැත්නම් වෙනකාට දෙන්නද කියලා තොරණ අයත් කියනවා.ඒත්දේශපාලුවන්ට ona විදිහට දෙන්නේ.ekatama ida තියන්න epa.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435