අත්හිටවූ DO පත්වීම් හා රැකියා ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන් කොළඹ වටලයි

සියළු  උපාධිධාරීන්ට  වහා  රැකියා  ලබාදෙන  ලෙස  ඉල්ලමින්   ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ  සංගමය  විසින් සංවිධානය කළ   විරෝධතාවයක්  මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී  පැවැත්වෙනවා.

අද පෙරවරුවේ කොටුව දුම් රිය පොළ ඉදිරිපිටින් ආරම්භකළ මෙම විරෝධතාවය පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණි.

විරෝධතා කරුවන් කොළැඹ කොටුව බැකු මාවත හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට උත්සාහ කිරීමේදී පොලීසියේ මැදිහත්වීම නිසා විරෝධතාවය අතරතුර උණුසුම් තත්ත්වයක්ද ඇතිවූ බවයි වාර්තා වෙන්නේ.

57,000කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාඅදෙන ලෙස ඉල්ලා සහ සංවර්ධන නිලධාරීන් 20000ක් බඳවා ගැනීමේ පොරොන්දුව කඩකර ඔවුන්ගේ පත්වීම් අත්හිටුවීමට ගත් තීරණයය විරෝධය පලකමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. විරෝධතාවය සඳහා දීපව්‍යාප්ත රැකියා විරහිත උපාධිධාරීන් විශාල පිරිසක් සම්බන්ධවී සිටියි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435