අතුරු වෛද්‍ය සේවා වර්ජනය හෙට සිට රට පුරා

 

සාකච්ඡාමය එකඟතාවයන් ක්‍රියාත්මක නොකිරීමත් හම්බන්තොට රෝහල තුල පැන නැඟී ඇති ගැටළුවත් හේතුවෙන් පසුගිය 2019.10.30 දින සංකේතාත්මකව සිදු කළ වර්ජනයට අදාලව මේ වන තුරු විසඳුම් ලැබී නොමැති අතර හම්බන්තොට රෝහලෙහි පැන නැඟි ඇති ගැටළුව තවදුරටත් උග්‍ර අතට පරිවර්තන වී ඇති අතර, ඊට එරෙහිව සැළසුම් කළ පරිදි 2019.11.05 වන දින සිට දකුණු පළාතේ පළාතේ සියළු රෝහල්, සෞඛ්‍ය ආයතන හා මහජන සෞඛ්‍ය අංශයන්හීත් 2019.11.06 දින සිට එකී සියළු අංශ දීප ව්‍යාප්ත වර්ජනයක් ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවෙදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම වැඩවර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට සහ අතුරු වෛද්‍ය සේවාවට අයත් සියළු වෘත්තිකයන්ගේ එකඟතාවය ලැබී ඇති අතර එම සියළු වෘත්තිකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව කාරුණිකව දන්වා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435