අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වළකන්න බෑ – උපුල් රෝහණ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය අවට මේ වනවිට කොවිඩ් රෝගීන් වාර්තාවෙමින් ඇති බවත්, එය යම් අවදානම් තත්ත්වයක පවතින බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

කොවිඩ් -19 රෝගීන් විශාල සංඛ්‍යාවක් එකවර ඒ ආශ්‍රිතව වාර්තා වෙමින් පැවතීම ඊට හේතු වී තිබේ.

මේ වනවිට කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව ආසාදිතයින් 135 දෙනෙකු පමණ වාර්තා වේ.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට උපරීම උත්සහයන් දරමින් සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ දෙකෙහි කොවිඩ් -19 වෛරසයේ බලපෑම යම්දුරකට පාලනය වෙමින් ඇති බව ද ඔහු පවසයි.

කෙසේවෙතත් එම ප්‍රදේශවල තවදුරටත් ආසාදිත රෝගීන් සිටින බවත්, ඔවුන් දිනෙන් දින රෝගීන් ලෙස වාර්තා වෙමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර ආයතන සංග්‍රහය සහ විනය කාර්ය සංග්‍රහය පදනම් කර ගනිමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් -19 තත්ත්වය පිළිබඳව තොරතුරු මාධ්‍යට ලබාදීමෙන් වළකින ලෙසට සියලුම නිලධාරීන්ට දන්වමින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කිසිවිටෙකත් වෘත්තීය සංගම්වල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වාරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකියාවක් නැති බවය.

තවද, රට පුරා ඇති කොවිඩ් තත්ත්වය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට භාවිතා නොකරන ලෙසත් වෘත්තීන් අතර ගැටුම් ඇති කිරීමට යොදානොගන්නා ලෙසත් තමන් ඉල්ලීමක් කරන්නේ යැයි ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435