අද දකුණු කොරියාවෙහි අති උතුම් වෙසක් පොහොය දිනයයි

부처님 오신 날 / 석가탄신일 🙏 බුදු රජානන් වහන්සේ මෙලොවට ඉපදීම සිහිකිර්ර්ම.. අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන දින..

අද දින දකුණු කොරියාවෙහි සියලුම විහාරස්ථාන වල ඉතා මනරම්ව මෙලෙස අප බුදු රජානන් වහන්සේගේ උපත සිහිකරමින් විවිධ උත්සව වැඩසටහන් පවත්වනු ලබයි…
අප වෙසක් උත්සවය සමරනු ලබන්නේ බුදු රජානන් වහන්සේගේ තෙමගුල සිහි කරමින් වුවද දකුණු කොරියාවෙහි වෙසක් උත්සවය සමරනු ලබන්නේ බුදු රජානන් වහන්සේගේ ඉපදීම පමණක් සිහි කරමින්ය..
👉එම හේතුවෙන් අද දින දකුණු කොරියාවෙහි සියලුම කොරියානු විහාරස්ථාන වල සිදුහත් කුමරුන් නෙලුම් මල් මත සිදුවා ජලයෙන් නැහැවීම ඉතා උත්කර්ෂවත් අයුරින් සිදු කරනු ලබයි..

එමෙන්ම තම ප්රර්තනාවන් සටහන් කරමින් විවිධ වර්ණයෙන් යුත් වෙසක් කූඩූ දැල්වීමද අද දින සිදු කරන විශේශිත අංගයක් වේ..
එමෙන්ම අද දින විහාරස්ථාන වලට යන සියලුම දෙනාට මස් මාංශ වලින් තොරව කොරියනු විහාරස්ථාන වලදී පමණක් ආහාරයට ගත හැකි ‘사찰음식 ‘ නොමිලයේ ලබාගැනීමට පුලුවන..

ඉතින් යාලුවනේ අද දවස කියන්නේ ඊයෙටත් වඩා උණුසුම් දේශගුණයකින් පිරුණු ලස්සන දවසක්..එළියට පහලියට බැහැලා පන්සලකට ගොඩ වෙලා ලන්කාවත් සිහිකරගෙනම අද දවසේ සුන්දරත්වයත් විදිමු නේද..
පවතින උණුසුම් වියළි කාළගුණ තත්වයත් එක්ක කූඩූ පත්තු කරද්දී ගොඩාක් පරිස්සම් වෙන්නත් අමතක කරන්න එපා යාලුවනේ..

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435