අද ළමා ශ්‍රමකත්වයට එරෙහිව දිනයයි

”ළමා ශ්‍රමය නිමා කරමු නැවුම් සිහින සැබැ කරමු” යන තේමාව ඔස්සේ ළමා ශ්‍රමිකත්වයට එරෙහිව ජාත්‍යන්තර දිනය අදට (ජුනි මස 12) යෙදි ඇති අතර මීට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩසටහන් රැසක් දියත් කර තිබේ.

ළමා අපයෝජන හා විවිධ සමාජ,ආර්ථික,ගැටලු හේතුවෙන් වින්දිත,ආන්තික හා ආනාරක්ෂිතභාවයට පත් වු ළමයිගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරිම,ළමයින් ද්විතික වින්දිතභාවයට පත් විම අවම කිරිම හා ළමයා පාසල් හැර යාමේ ප්‍රවණතාවන් අවම කිරිමේ අරමුණින් මෙම විශේෂ වැඩසටහනක් දියත් කොට තිබේ.

1929 යන දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර මෙ ගාස්තු රහිත සේවාවක් වේ. එමෙන් ම 1929 යන දුරකතන අංක යට වාර්ෂිකව පැමිණිලි 9000කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර ඉන් 1500 ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධයෙන් රෙගුලාසි කඩවිම සම්බන්ධ පැමිණිලි වෙයි.

මෙවැනි සිද්ධින් අවම කර ගැනීම ගැනිමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන දිවයිනේ සියලු ම දිස්ත්‍රික්ක යන් අවරණය වන පරිදි පැවැත් විමට අපේක්ෂා කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435