අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරප්පාඩු රැසක් පිරවෙයි

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතියට යටත්ව විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

මෙරට පාසල් පද්ධතිය තුළ මේ වනවිට ජාතික පාසල් 373ක් පවතින අතර, එයින් පාසල් 278ක නියමිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොතිබුණු බව සඳහන්ය.

ඒ අනුව ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ අනුව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ද අනුමැතිය ඇතිව විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

එක් එක් ජාතික පාසල්වල පවත්නා පුරප්පාඩු අනුව මෙම විදුහල්පතිවරුන් වෙත පාසල් ලබාදීමට කටයුතු කරන අතර, පසුගියදා (25) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය සිදුකර ඇතැයි අප වාර්තාකරු පවසයි.

පුරප්පාඩු පැවති ජාතික පාසල් 153කට ඒ අනුව ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කිරීමට නියමිත අතර මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, අධ්‍යාපන ලේකම් එම් එච් එන් චිත්‍රානන්ද මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වැඩබිම

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. උසස් පෙල සමත් උපාධි නොමැති අයට කිසිම සහනයක් නැද්ද.. අඩුම රජයේ පාසල් සඳහා පුස්ථකාල සහයක / විද්යාගාර සහයක වැනි තනතුරු සඳහාවත් බඳවාගැනීමක් නැද්ද

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435