අධික උෂ්ණත්වය නිසා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වලට ලැබුණු රතු නිවේදනය මෙන්න!

ඔස්ට්‍රේලියාවේ මේ වන විට ගෙවී යන්නේ වසන්ත කාලය වුවද ඊයේ සිට ප්‍රාන්ත කිහිපයකම උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

මේ අනුව ඇතැම් ප්‍රාන්ත වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 – 40 අතර මට්ටමක පවතින බවත් ඒ හේතුවෙන් තමාගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය ඔස්ට්‍රේලියානු වාසීන්ට දැනුම් දෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා යන බවත් ඇතැම් ප්‍රදේශ වල එය සෙල්සියස් අංශක 40 දක්වා වර්ධනය විය හැකි බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් Sydney, Newcastle සහ Wollongong යන කලාප වල ගිනි ඇවිලවීම් පූර්ණ වශයෙන් තහනම් කළ (total fire bans) කලාප බවට නම් කර තිබේ. එමෙන්ම නැගෙනහිර වෙරළ තීරයට යාබද ප්‍රදේශ වලද උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා යන බවද වාර්තා වේ.

ඊට අමතරව Greater Sydney, Greater Hunter, Illawarra/Shoalhaven සහ Southern Ranges යන කලාප වලද අද දිනයේ අධික උෂ්ණත්වයක් වාර්තා වනබව සඳහන්. Illawarra කලාපයට ලැව් ගිනි තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවධානයක් පැවතිය හැකි නිසා එම කලාපයේ ජනතාවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාව විසින් අනතුරු අඟවා තිබේ.

Australian Capital Territory

නිරිත දිග කැන්බරා ප්‍රදේශයට පාලනය කළ නොහැකි ලැව් ගිනි අවදානමක් ඇතිව තිබේ. මේ හේතුවෙන්ම එම කලාපයට watch-and-act හෙවත් සුපරික්ෂාකාරීව ක්‍රියාත්මක වීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Pierces Creek හි හෙක්ටයාර 54 ක් පුරාවට පැතිරුණු ලැව් ගිනි නිවීමේ කටයුතු වල මේ වන විට ගිනි නිවීම් සේවා යෙදී සිටින බවද වාර්තා වේ. නොවැම්බර් 01 පස්වරු 6 ට පෙර ආරම්භවූ මෙම ලැව් ගින්න පසුව විශාල වශයෙන් වර්ධනය වී මේ වන විට ගිනිකොන දිග කලාප දෙසට පැතිරෙමින් තිබෙන බවද  සඳහන්.

ටස්මේනියාව

ටස්මේනියා ප්‍රාන්තය තුළද මේ වන විට ගිනි ඇවිලීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ. මේ වන විට ටස්මේනියා ප්‍රාන්තය තුළ ගිනි හටගැනීමේ අවදානම  ‘very high’ ලෙස ශ්‍රේණිගත කර ඇත.

මේ තත්ත්වය හේතුවෙන්ම කැලි කසල, වල් පැල, තණකොළ වැනි දෑ ගිනි තැබීම උදෙසා නිකුත් කරන burn permits හෙවත් ගිනි ඇවිලවීමේ බලපත්‍ර නිකුත් කිරීමද ටස්මේනියා ප්‍රාන්තය තුළ අත්හිටුවා තිබේ. අද දිනයේ මෙන්ම හෙට දිනයේද ටස්මේනියා ප්‍රාන්තයේ උතුරු හා දකුණු කලාප වල අධික උෂ්ණත්වයක් පැතිරෙන බවට ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය වාර්තා කරයි.

ක්වීන්ස්ලන්තය

ක්වීන්ස්ල්නත ප්‍රාන්තයේ Northern Goldfields, Upper Flinders සහ වයඹ දිග කලාපයේ ලැව් ගිනි ඇතිවීමේ ඉහළ අවදානමක් අද සහ හෙට දින තුළ පවතින බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය වාර්තා කරයි.

වික්ටෝරියා

වික්ටෝරියා ප්‍රාන්තයේ Central, East Gippsland, South West, North Central, West and South Gippsland සහ Northern Country හි කොටසක් මෙන්ම North East and Wimmera යන කලාප වල අධික උෂ්ණත්වයක් පවතින බවත් ලැව් ගිනි ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

උපුටා ගැනීම – SBS වෙබ් අඩවිය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435