අන්සල් ලංකා සේවකයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

05  මාර්තු 2014 – wedabima.lk

 

සේවයෙන් ඉවත් කර ඇති  සේවකයන් 294 දෙනා සම්බන්දයෙන් සේවය අවසන් කිරීම පිලිබදවූ අයදුම්පතක් කම්කරු විනිශ්චය සබාවට  ඉදිරිපත් කරන ලෙස ඇන්සල් ලංකා සමාගමට මාර්තු 3 දින   ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

 

එහිදී  ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ අදාළ අයදුම්පත්‍රය සම්බන්ධයෙන් මාසයක කාලයක් ඇතුලත කම්කරු විනිශ්චය සබාව නියෝගයක් ලබාදිය යුතු බව හා එම නියෝගය සම්බන්ධයෙන් අතුප්තියට පත්වන යම් පාර්ශවයක් ඉහල අධිකරණයකට ගියහොත් එම අධිකරණයද ඒ සම්බන්ධයෙන් මාසයක කාලයක් ඇතුලත නියෝගයක් ලබාදිය යුතු බවය

 

එමෙන්ම තත්වය නැවත සමාලෝචනය කිරීම සදහා මෙම නඩුව නැවත ජුලි 21 වැනිදා කැදවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435