අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන්ගෙන් රතු එළියක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින පරිපාලන ගැටළුවලට කඩිනම් විසදුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබෙන බව රෝහලේ වෛද්‍යවරුන් පවසයි.

ඔවුන් පවසන්නේ රෝහලේ‍ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතු බවයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සියලු වෘත්තීය සංගම් ඊයේ පස්වරුවේ එහි බාහිර රෝගී අංශයට රැස්වී රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සිදුකළ බව කියන අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පිරිස් සහ සේවකයින් දැනුවත් කළ බව අප වාර්තාකරු පවසයි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරුන් පෙන්වාදී ඇත්තේ  රෝහලට ස්ථිර අධ්‍යක්ෂවරයෙකු අවශ්‍ය බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435