අප්‍රේල් 07 තෙක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ලෙස GMOA ඉල්ලයි

නව කොරෝනා වෛරසය (Covid 19) මෙරට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අප්‍රේල් මස 07 වෙනිදා දක්වා දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට රජයේ වෛද්‍ය නිළධාරීඟේ සංගමය රජයට දැනුම්දී තිබෙන වර්තා වේ.

රෝගය පාලනය කිරීම සඳහා තවදුරටත් ජනතාව නිවාසවල රැඳී සිටීම අතිශය වැදගත් වෙන බවත් ජනතාව අතර දුරස්ථ බව ඇති කිරීම මේ මොහොතේ යහපත් බැවින් තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බවත් සංගමය දැනුම් දී තිබෙන බවයි එහි සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කර ඇත්තේ.

වෛරසය වැළඳුනු බවට හඳුනාගත් පුද්ගලයින්ට වඩා අට ගුණයක අය සමාජයේ සිටින බවට විශ්වාස කරන අතර ඉදිරි සති 02ක නිසියාකාරව කළමණාකරණය නොකළ හොත් රෝග පැතිරීම සීඝ්‍රයෙන් සිදුවිය හැකිබව හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම අප්‍රේල් 07 දක්වා සති දෙකක කාලය තුළ දැඩි ක්‍රියාමාර්ග ගනිමින් මෙම රෝගය පාලනය කිරීම සඳහා කටයුතු කලහොත් රෝගය පැතිරීයාම 70% පාලනය කළ හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435