අප්‍රේල් 08 සිට ජෝන් කීල්ස් හෝටල් වර්ජනයකට

02 අප්‍රේල් 2014 – wedabima.lk

 

හෝටල් ක්ශේස්ත්රයේ සාමුහික ගිවිසුමක් ඇතිකිරීම පිළිබඳව ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක සංගමය ලංකා සේව්‍ය සම්මේලනය හා එක්ව එයිට්කන්ස් ස්පෙන්ස් සහ ජෝන් කීල්ස් සමුහය සමග සාකච්චාවක් පවත්වන්නට යෙදුනි. එයිට්කන්ස් ස්පෙන්ස් ව්‍යාපාර සමුහය සාමුහික ගිවිසුම සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ලැබුවද ජෝන් කීල්ස් සමුහයේ ප්‍රතිචාරය සුබවාදී නොවින.

 

කීල්ස් හෝටල් සමුහයේ මෙම මුරණ්ඩු ස්ථාවරයට එරහිව සේවකයන්ගෙන් එකහෙලා නැගෙන දැඩි ඉල්ලීම හේතු කොටගෙන එළෙඹන අප්‍රේල් 08 වැනිදා සිට ජෝන් කීල්ස් සමුහයට අයත් හෝටල්වල වැඩ වර්ජනයක නිරතවන බව ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක සංගමය එම හෝටල් සමුහයට දන්වා ඇත.

 

පොදු වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය දැනුම්දී ඇති අතර සාමුහික ගිවිසුමක් සම්බන්ධ සාකච්ඡා බිදවැටීම ඊට ආසන්නම හේතුව වී ඇත.

 

තත්වය සමනය කරනු පිණිස සේව්‍ය සම්මේලනයේ මැදිහත්වීමෙන් අප්‍රේල් මස 4 වන සිකුරාදා තවත් තීරණාත්මක සාකච්චා  වටයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර හබරණ, ත්‍රිකුණාමලය ආදී දුර බැහැර මෙන්ම දකුණු මුහුදුබඩ ආශ්‍රිත කීල්ස් හෝටල් සමිති නියෝජිතයින් මෙයට සහබාගි වනු ඇතැයි පැවසේ.

 

මෙම ආරවුල සාමකාමීව නිරාකරණය කර ගන්නාමෙන් සේව්‍ය සම්මෙලනයත් කීල්ස් හෝටල් සමුහයට කරුණු අවබෝධ කර දි ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.

 

ජෝන් කීල්ස් සමුහයට අයත් හබරණ ලොජ් ,හබරණ විලේජ් ,ත්‍රිකුණාමලය චායා බ්ලු, හික්කඩුව චායා ට්‍රාන්ස් හා යාල විලේජ් යන හෝටල්වල මෙම වර්ජනය කියාත්මකවිමට නියමිත අතර වර්ජනය අලුත් අවුරුදු සමය පුරා පැතිරෙනු ඇතැයි පැවසේ.

 

මෙම ආරවුල පිලිබඳ සවිස්තරාත්මක නිවැරදි තොරතුරු විටින් විට wedabima.lk තුලින් අදාළ සියලු පාර්ශව සම්බන්ධ කර ගනිමින් ආවරණය කිරීමට වැඩබිම වෙබ් අඩවිය අපේක්ෂා කරයි.

 

සාමුහික ගිවිසුම් සාකච්ඡාවේ නවතම තොරතුරැ පිළිබඳව  ඉදිරියේදී wedabima.lk තුලින් ඔබට දැනගැනීමට හැකිය. ඔබත් වැඩබිම වෙබ් අඩවිය හා රැඳී සිටින්න!

 

සිංහල ටයිපින් නොහැකි වුවත් පහසුවෙන් සිංහල ටයිප් කිරීම සඳහා මෙම සබැදුම ට පිවිසෙන්න.  http://www.google.lk/inputtools/windows/ 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. Asanka says:

    wowwwww. We are 20 years working in Jhon keells. but our salary 10500/-

    (0)(0)



    0



    0
  2. මේ සටන දිහා අනිත් හෝටල් සේවකයිනුත් බලාගෙනයි ඉන්නේ. මේ ජයග්‍රහණය සියලු හෝටල් සේවකයින්ටම තීරණාත්මකව බලපායි. සටනට අපේ සහයෝගය....!!! (දඹුල්ල හෝටල් සේවකයෝ)

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435