“අපිව ලංකාවට ගෙන්වා ගන්න.” සීෂෙල්ස් සිටින ලාංකිකයෝ ජනාධිපතිගෙන් ඉල්ලති

වීසා අවසන් වීම සහ රැකියා අහිමි වීම නිසා, සීෂෙල්ස් රාජ්‍යයේ සිර වී සිටින ලාංකිකයන් 350 දෙනෙකු, එම පිරිස හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

සීෂෙල්ස් රාජ්‍ය, සංචාරක කර්මාන්තයෙන් නඩත්තුවන ආර්ථිකයක් ඇති රටකි. කොරෝනා වසංගතය හේතුවෙන් එරට සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිද වැටී ඇති අතර, සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව රැකියා කළ බොහෝ පිරිසකට ඔවුන්ගේ රැකියා අහිමි වී තිබේ.

සීෂෙල්ස් රාජ්‍යසේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් පිහිටුවාගෙන තිබෙන සීෂෙල්ස් ලාංකික අපි නම් සංවිධානය මගින් මෙම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කර ඇති බවයි පැවසෙන්නේ.

ආපසු ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සීෂෙල්ස් රාජ්‍යයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද විස්තර මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කර ඇති බව සීෂෙල්ස් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435