අපේ කම්කරු නියෝජිතයින්ට වීසා ලබානොදීමට විරුද්ධව ඕස්ට්‍රේලියානු කම්කරු සමිති 3ක් පෙළගැසේ

01 සැප්තැම්බර් 2014 – wedabima.lk

 

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම්වරයාට සහ ශ‍්‍රී ලංකාවේ විශාල වශයෙන් නිෂ්පාදන මෙහෙයුම් ක‍්‍රියාත්මක වන ඔස්ටේ‍්‍රලියානු සමාගමක් වන ඇන්සල් හි සේවය කොට මෑතකදී සේවයෙන් පහ කරන ලද සේවකයින් දෙදෙනෙකු ලංකාවේ ඇන්සල් සමූහ ආයතනය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සේවක විරෝධී උපාය මාර්ග සම්බන්‍ධව සාකච්ඡුා කිරීමට හා ජාත්‍යන්තර සහයෝගීතාවය ලබා ගැනීම සඳහාත්  ලැබූ ආරාධනාවක් මත ඔස්ටේ‍්‍රලියාවට යෑමට සැළසුම් කරන ලදී. එහෙත් එම පිරිසට එරටට ඇතුල්වීම සඳහා වීසා ලබාදීම ප‍්‍රතික්ෂේප  කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු කම්කරු සමිති 3ක් මාධ්‍ය නිවේදනයක් මගින් සිය විරෝධතා දක්වා ඈත. එම මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනය පහලින් දැක්වේ.

 

මාධ්‍ය නිවේදනය

 

2014 අගෝස්තු 26 වන අගහරුවදා

 

ඇබොට් රජය ජාත්‍යන්තර වෘත්තීය සමිති නියෝජිතයින්ට වීසා ලබාදීම ප‍්‍රතික්ෂේප  කරයි.

 

ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති නියෝජිත පිරිසකට එරටට ඇතුල්වීම සඳහා වීසා ලබාදීම ප‍්‍රතික්ෂේප  කිරීම AMWU, CFMEU සහ  TCFUA විසින් තරයේ හෙලා දකී. ප‍්‍රමාණවත් පෞද්ගලික ධනය නොමැතිවීමේ හේතුවෙන් වීසා ලබාගත නොහැකි බැව් ඔවුන් පැමිණීමට දින දෙකකට පෙර දැනුම් දෙන ලදී.

 

එම තීරණය වහාම වෙනස් කරන ලෙස වෘත්තීය සමිති රජයට බල කරයි.

 

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම්වරයාට සහ ශ‍්‍රී ලංකාවේ විශාල වශයෙන් නිෂ්පාදන මෙහෙයුම් ක‍්‍රියාත්මක වන (ඔස්ටේ‍්‍රලියාවේ එක කම්හලක් හෝ නොමැති) ඔස්ටේ‍්‍රලියානු සමාගමක් වන ඇන්සල් හි සේවය කොට මෑතකදී සේවයෙන් පහ කරන ලද සේවකයින් දෙදෙනෙකු හට මෙසේ වීසා ලබාදීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

 

ඇබෝට් රජය විසින් ශ‍්‍රී ලාංකිකයින්ට ඔස්ටේ‍්‍රලියාවට ඇතුළුවීමට අවසර ලබාදී නොමැත්තේ දේශපාලන හේතුන් මත යන්න ඉතාමත් පැහැදිළිය. AMWUජාතික සභාපති ඇන්ඩෲ ඩෙට්මන් පවසයි . දැන් අප හමුවේ සිටිනුයේ මතාවදය සහ ධනය පාදක කොට නීත්‍යානුකූලව ඔස්ටේ‍්‍රලියාවට පැමිණීම තරයේ ප‍්‍රතික්‍ෂේප  කරන ෆෙඩරල් රජයකි.’’

 

‘‘ශ‍්‍රී ලංකාවේ නියෝජිතයින් තිදෙනෙකුට ඔස්ටේ‍්‍රලියාවට ඇතුළුවීමට අවසර ලබාදීම ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් ඔස්ටේ‍්‍රලියාවේ පමණක් නොව ජාත්‍යන්තරයේම දුගී සේවකයින් සහ වෘත්තීය සමිති සාමාජිකයින් කෙරහි අගමැති ටෝනි ඇබොට් මහතා දක්වන අපක්‍ෂපාති ආකල්ප හුවා දක්වයි.’’

 

අත්තනෝමතික ලෙස නියම කරන ලද ධනස්කන්‍ධයක් නොමැතිවීමේ හේතුව මත ශ‍්‍රී ලාංකික සංචාරකයින්ට වීසා බලපත් ලබාදීම ප‍්‍රතික්ෂේප  කිරීම විශාල පිම්මක් ඉදිරියට පැණීමකි. මේ සම්බන්‍ධව දැඩි නීතිරීති නොමැත. එහෙත් දේශපාලන බලපෑම් මෙම පද්ධතිය තුළට ද රිංගා ඇත.

 

මෑතකදී ඇන්සල් සමාගම විසින් සේවයෙන් පහ කරනු ලැබූ සේවකයින් දෙදෙනෙකු සන්තකයේ ඔස්ටේ‍්‍රලියාවේ සම්මතයට අනුව පෞද්ගලික මුදල් ප‍්‍රමාණයක් නොමැතිවීම පුදුමයට පත්විය යුතු කරුණක් නොවේ.

 

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සතුව පෙරටත් වඩා විශාල ධනස්කන්‍ධයක් තිබිය යුතුයැයි  යෝජනා කිරීම අවඥා සහගත බැව් ඩෙට්මන් මහතා පවසයි.

 

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා ජාත්‍යන්තරය පිළිගත් වෘත්තීය සමිති සාමාජිකයකු වන අතර මීට පෙර සිව් වතාවක් ඔස්ටේ‍්‍රලියාවෙහි සංචාරය කර ඇති නමුදු ඉන් එක් අවස්තාවකදී හෝ කිසිදු ගැටළුවක් පැන නොනැගුණු බැව් TCFUA හි  ජාතික ලේකම් මිංචල්  ඕනිල් පවසයි.

 

මෙය ෆෙඩරල් රජයේ දේශපාලන අභිපේ‍්‍රරණ සහ මහා පරිමාණයේ ව්‍යාපාර වලට අනුබල දෙන දුඟඳ හමන අශෝභල තීරණයකි.

 

ශ‍්‍රී ලංකාවේ ඇන්සල් සමූහ ආයතනය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සේවක විරෝධී උපාය මාර්ග සම්බන්‍ධව සාකච්ඡුා කිරීමට හා ජාත්‍යන්තර සහයෝගීතාවය ලබා ගැනීම සඳහාත් වෘත්තීය සමිති නියෝජිත පිරිස ඔස්ටේ‍්‍රලියාවට යෑමට සැළසුම් කරන ලදී.

 

මෙම සංචාරය සතියකටත් අඩු කාලයක් සඳහා සීමා කරන ලද අතර ඔස්ටේ‍්‍රලියාවේ  පිහිටි ඇන්සල් මූලස්ථානය වෙත යෑමද එයට ඇතුළත් වී ඇත. ඇන්සල් ලංකා ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ සේවකයින් හට කරනු ලබන අසාධාරණකම් සහ කෙනෙහිලිකම් සම්බන්ධව හෙළිදරව් කිරීම සඳහා අපගේ ගෞරවනීය අමුත්තන් ඇතිව හෝ නැතිව මෙම විරෝධතා සටන අපි නොනවත්වාම ඉදිරියට ගෙන යන්නෙමු.

 

මිංචල්  ඕනිල් මෙසේ පැවසීය. ‘‘වැඩ කරන ජනතාවගේ අභිවෘද්ධිය නොතකා ඇබෝට් රජය, ඔස්ටේ‍්‍රලියාවේ බහු ජාතික සමාගමක් වන ඇන්සල් ලංකා සමාගම ආරක්‍ෂා කරන්නේදැයි යන්න පිළිබඳව අපට සැක පහළ වී ඇත.’’

 

VTHC හි ලුක් හිලකාරී ෆෙඩරල් රජය අමතන සංචාරය සඳහා පැමිණෙන වෘත්තීය සමිති නියෝජිතයින්ට වහාම වීසා ලබා දෙන මෙන් දන්වා සිටියෝය. ‘‘මෙහිලා ඔවුන් එල්ල කරන චෝදනාව වන්නේ මෙම වෘත්තීය සමිති නියෝජිත පිරිස ස්ථිරවම ඔස්ටේ‍්‍රලියාවේ රැඳී සිටිනු ඇතැයි’’ යන්නය. එය ඉතාමත් අප‍්‍රසන්න චෝදනාවකි.

 

මෙහි ජාත්‍යන්තර මෙන්ම දේශීය දේශපාලන අභිමථාර්ත තිබෙන බැව් අපට හැගේ. ‘‘ ආගමන ඇමති ස්කොට් මොරිසන් සහ අගමැති ටෝනි ඇබොට් ඔස්ටේ‍්‍රලියාවට සංචාරය සඳහා පැමිණෙන අයවළුන් සම්බන්‍ධව ඉතාමත් රහසිගත ක‍්‍රියාකලාපයක් අනුගමනය කරති. එම ලැඳියාව නොහෙත් අභිරුචිය වීසා අනුමත කිරීම සහ ප‍්‍රතික්‍ෂෙප කිරීම කෙරෙහිද බලපෑම් ඇති කෙරේ. එම තීරණයට එරෙහිව අභියාචනාද ඉදිරිපත් කළ නොහැක.’’

 

AMWU, CFMEU සහ  TCFUA විසින් මෙම තීරණය නැවත සළකා බලා මාර්කස් මහතාට සහ තවත් නියෝජිතයින් දෙදෙනෙකුට එම රටට ඇතුල්වීමට වීසා බලපත් ලබා දෙන ලෙස ඉල්ලූම් කළ බව හිලකාරි මහතා පැවසීය.

වැඩිදුර විස්තර සඳහා 0432 8280004 ඔස්සේ කාරිලා ඩිරෙක්ෆර්ඞ් අමතන්න.

 

එම නිවේදනය  AMWUNat_MR_Abbott_denies_Visa_entry_to_Union_delegation260814

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435