අබුඩාබි ලක් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 28 වෙනි දින සිට යළි විවෘත කෙරෙන බව තානාපති කාර්යාලය පවසයි.

සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය පසුගිය 21වැනිදා සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනි.

තානාපති කාර්යාලයේ සේවකයින් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළේය.

එම තත්ත්වයත් සමඟ තාවකාලිකව වසා දැමුණු අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 28 සිට යළි විවෘත කෙරෙන අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෞඛ්‍ය අධිකාරිය විසින් නියම කර ඇති පූර්ව සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කරමින් සිය කටයුතු පවත්වාගෙන යන බව ද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435