අභ්‍යාසලාභීන්ට අප්‍රේල් හා මැයි දීමනාව තවම ලැබී නැහැ

ගාල්ල දිස්‍ත්‍රික්කයේ 2019 වර්ෂයේ බඳවාගත් සියලූම අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා ඔවුන්ට හිමි රු. 20000/- වන මාසික දීමනාව අප්‍රේල් සහ මැයි මාස සඳහා ලබාදීමට පියවර ගන්නා ලෙස සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් මුදල් අමාථයංශයේ ලේකම්වරයාගෙන් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2019. 08. 01 සංවර්ධන නිලධාරී තනතුර යටතේ අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවාගෙන රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ගාල්ල දිස්ත්‍රික් අභ්‍යාසලාභීන්ට අප්‍රේල් සහ මැයි මස දීමනාව මේ දක්වා ලැබී නොමැති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට සාමාන්‍යයෙන් අදාළ මාසයේ 10 වන දින හෝ ඊට පෙර ඔවුන්ට හිමිවිය යුතු රු. 20,000/-ක දීමනාව හිමිවන බවත් නමුත් මේ දක්වා අප්‍රේල් හා මැයි මස දීමනාව හිමි නොවූ බව අභ්‍යාසලාභී පුහුණු උපාධිධාරීන් සංගමය දැනුවත් කර ඇත.

දැනට අභ්‍යාසලාභී පුහුණුවේ සිටින ඉහත දිනැති අභ්‍යාසලාභීන්ද මේ දක්වා කොවිඩ් – 19 යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කරන අත්‍යවශ්‍ය රාජකාරීවල පවා නියැලෙමින් රාජකාරී සිදු කරනු ලබයි.

මෙම මාස කීපය පුරාම රටපුරා වෙසෙන මුලූ මහත් ජනතාව ආර්ථිකමය වශයෙන් දැඩි දුෂ්කරතාවලට පත්ව ඇති මොහොතක අභ්‍යාසලාභීන් සඳහා මාසිකව හිමිවන රු.20,000/-ක දීමනාව නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත.

මෙම තත්ත්වය දැනට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර වෙනත් දිස්ත්‍රික්කවලද ඒ ආකාරයෙන් දීමනාව හිමිවීමේ ප්‍රමාදයක් පවතිනවාද යන්න සොයා බලන ලෙස ඉල්ලමු. දැනට වාර්තාවන ගාල්ල දිස්‍ත්‍රික්කයේ 2019 වර්ෂයේ බඳවාගත් සියලූම අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා ඔවුන්ට හිමි රු. 20 000/- වන මාසික දීමනාව අප්‍රේල් සහ මැයි මාස සඳහා ලබාදීමට පියවර ගන්නා මෙන් අප සංගමය ඉතා වගකීමෙන් ද කාරුණිකව ඉල්ලා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435