අභ්‍යාසලාභී උපාධිධාරීන් රැසක් ස්ථීර පදනමින් රාජ්‍ය සේවයට

මධ්‍යම පළාතේ උපාධිධාරී අභ්‍යාසලාභී මහත්ම මහත්මීන්  82 ක් ස්ථිර පදනමෙන් රාජ්‍ය සේවයට පත්කිරීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (29) සිදුවිය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කරමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ උපාධියක් ලබා ගැනීම පහසු කටයුක්තක් නොවන බවත්, තමන් උපාධිය ලබාගන්නා ක්ෂේත්‍රයෙන් පරිබාහිර රැකියාවක නිරත වීම කණගාටුදායක තත්වයක් වන බවය.

තම උපාධි විෂයට අදාල දැනුම භාවිතයෙන් තමන්ට මෙන්ම රටට වැඩක් කිරීමට හැකියාව පවතින බවත්, එකම රාමුවකට කොටු නොවී තම හැකියාවන් භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම ජනතා සේවයක් වෙනුවෙන් තමාට කළ හැකි උපරිම සේවය ජනතාව වෙත සිදුකිරීමට අරමුණූ කරගන්නා ලෙසද මෙහිදී නව පත්වීම් ලාභීන් අමතමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නන්දන ගලබොඩ, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න,  පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති පී.ජී.අමරකෝන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියේය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435