අභියෝග කිරීම වෙනුවට ගැටළුවලින් පලායාම නූතන තාරුණ්‍යයේ සුලභව දැකිය හැකි කාරණයක්

ජෝෂප් ස්ටාර්ලින් -ප්‍රධාන ලේකම්, ලංකා ගුරු සංගමය

සොලිඩරිටි ආයතනයේ ‘වැඩබිම’ මගින්  “ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරය – අභියෝග සහ ප්‍රවණතා” යන මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් ඊයේ(21) දින කොල්ලුපිටිය රේණුකා සිටි හෝටලයේදී පැවැත්විණි. එහි ආරාධිත දේශනය සඳහා පැමිණි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්  විසින් සිදු කරන ලද “වෘත්තීය සමිති ක්‍රියාකාරකම් කෙරෙහි තරුණ සහභාගීත්වයේ ගැටළුව සහ ගෝලීය අත්දැකීම්” යන දේශනය මෙසේ සටහනක් තබන්නෙමු.

“ලංකාවේ වෘත්තීය සමිති ආරම්භවෙන්නෙ 1893 දී. එතකොට දැන් ලංකාවෙ වෘත්තීය සමිති අත්දැකීම් වලට වසර 200කට වැඩියි.” වසර 200ක අත්දැකීම් තිබුණද ලංකාවේ වෘත්තීය සමිත සම්බන්ධයෙන් ගැටලු කීපයක් මතු වන බව ස්ටාර්ලින් පවසයි. එනම් වෘත්තීය සමිතියක් යනු කුමක්ද? , ඒවායේ භාවිතාව, සමිතියක අවශ්‍යතාවය, කාර්යභාරය කුමක්ද යනාදි ගැටළු තවමත් පවතියි. ලෝකයේ වෘත්තීය සමිති ආරම්භ වන්නේ ධනවාදය විසින් හුදකලා කරන ලද මිනිසුන් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සාමූහිකව කේවල් කර සාමූහිකව තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම අරමුණු කරගෙන ය.

ආරම්භක අවධියේ දී මේවා යම් කිසි වාමාංශික දෘෂ්ටියක් ඔස්සේ ක්‍රියාත්මක වනු දැකිය හැකි වූ අතර ලංකාවේ මෙන් ම ලෝකයේ ද වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩනගා ඉදිරියට ගෙන යන ලද්දේ පක්ෂ සමග බද්ධ වූ ක්‍රියාකාරකමක් ලෙස ය. මෙහිදී සමිති වලින් බලාපොරොත්තු වූයේ දේශපාලන පක්ෂයට ක්‍රියාකාරකයින් සහ නායකයින් තෝරා ගැනීමේ මෙවලමක් ලෙස ක්‍රියා කිරීමයි. එහිදී වෘත්තීය සමිතිය මෙන්ම වමන්ංශික ව්‍යාපාරයද ශක්තිමත් විය. එය මේ මොහොතේදීත් දේශපාලනික විය යුතු බව ස්ටාර්ලින්ගේ අදහසයි. මන්ද අද වන විට දේශපාලනයෙන් තොර වූ ස්වාධීන වෘත්තීය සමිති ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින අතර ඒවායම් කිසි අකාරයකට ව්‍යාජ වෘත්තීය සමිතිසඳහා සහ වෘත්තීය සමිති දියාරු වීමසඳහා බලපාන බැවිණි.උදාහරණයක් ලෙස ලංකා ගුරු සංගමය යම් දේශපාලන පක්ෂයක වෘත්තීය සමිතියක් නොවුනද  එයට ද යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් සහිත දේශපාලනයක් ඇත. එම නිසා ස්වයං තීරණ අයිතිය පිලිගනීමට, යුද්ධයට විරුද්ධ වීමට, දෙමළ ජනතාවගේ අයිතීන් වලට පක්ෂ වීමට හැකියාව ලැබී ඇත.

“මෑතක් වන විට ක්‍රමානුකූලව ගොඩනැගුණු වෘත්තීය සමිති වැඩපළ තුල අත්‍යාවශ්‍ය උපකරණයක් බවට පත් වී ඇත.” වෘත්තීය සමිති නොමැති වූ විට අසංවිධානාත්මක විරොධතා සිදුකළ හැකි අතර ඒවා සංවිධානාත්මක වූ විට පාලකයින්ට වාසි සහගත තත්ත්වයක් ඇති වේ. එවිට සංවිධානය සමග සාකච්ඡා කර වගකීම භාර දීමට පිරිසක් සකස් කිරීම තුළ ඩීල් ගසමින් ඔවුන්ගේ කටයුතු සිදු කරගෙන යාමට පහසු බැවිණි. ඒ අනුව තව දුරටත් ලෝක කම්කරු ආයතනයේ හෝ අනෙකුත් අන්තර්ජාතික ආයතනයන්ගේ බල පොරොත්තුව වන්නේ වෘත්තීය සමිති වලට පිළිගැනීමක් ලබා දී සිස්ටම් එක තුළ සහ ආයතන තුළ අවශ්‍යය අංගෝපාංගයක් බවට පත් කිරීමය.

 ලංකාව තුළ මේ වන විට වැඩකරන පංතිය සතු වෘත්තීය සමිති ජාලයක්ම ඇත්තේ රාජ්‍ය අංශය සතුව ය. ඊට හේතුව වන්නේ ආයතන සංග්‍රහයට අනුව වෘත්තීය සමිති සඳහා වරප්‍රසාද කිහිපයක් හිමි වීමය. එනම්,

  • පූර්ණ කාලීනව වෘත්තීය සමිතිය සඳහා දෙදෙනෙක් නිදහස් කිරීම.
  • වෘත්තීය සමිති සම්මේලනයකදී එක් දිනක නිවාඩුවක් ලබා දීම.
  • සම්මේලනයට සහභාගී වීම සඳහා නිදහස් දුම් රිය බලපත්‍රයක් ලබා දීම.
  • දිස්ත්‍රික් සම්මේලනයකදී වරුවක නිවාඩුවක් ලබා දීම.

නමුත් පෞදගලික අංශය සතුව මෙවැනි වරප්‍රසාද නොමැති වීම හේතුවෙන් වෘත්තීය සමිති අඩාල වී ඇත.රාජ්ය අංශයේ වෘත්තීය සමිති අවශ්‍ය උපකරණයක් බවට පත් වූ පසුව දේශපාලන පක්ෂයක් බලයට පත් වූ විට ඊට අදාල වෘත්තීය සමිතියේ නිළදාරීන්ට එම ආයතනයේ සහකාර ලේකම් වැනි තනතුරුද හිමිවිය.පසුව එම වෘත්තීය සමිතිය හරහා දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම අපේක්ෂා කරනු දැකිය හැකිය.මේ ක්‍රියාවලියට අනුව වෘත්තීය සමිති ශක්තිමත් නොවන බව කිව නොහැකිය.

නමුත් මෙහි ඇති බරපතලම කාරණය අවබෝධ කර ගත යුතුය.එනම්, මෙහි ඇති ප්‍රධානම ගැටළුව වන්නේ මෙම වෘත්තීය සමිති වල මූලික අරමුණෙන් පරිබාහිරව ක්‍රමානුකූලව දිය කිරීම සිදු කිරීමයි”.මෙහි ප්‍රථිඵලයක් ලෙස මේ මොහොතේ  වැටුප සහ සේවා තත්ත්වය කම්කරුවාගේ ප්‍රධාන දේ බවට පත් වී ඇත.

“සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කිරීම අපෙන් ගිලිහිලා. අපිව මේ සමස්ත එකේම කොටසක් බවට පත් කළාට පස්සෙ ප්‍රතිවිරෝධීව ක්‍රියාත්මක වීම අත හැරීම වෘත්තීය සමිති දියාරු වීමට හේතු වී තිබෙනවා.”

තරුණ කොටස් වෘත්තීය සමිති වලට එන්නෙ නැත්තෙ ඇයි?

ETUI එක කරපු සමීක්ෂණයකට අනුව හෙළිවෙලා තියෙනවා ලෝකයේ රටවල් ගණනාවකම තරුණ සහභාගීත්වය දුර්වල බව. ලෝකයේ වැඩියෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය ඉහළ රටවල් 2ක් ලෙස බෙල්ජියම සහ ඉතාලිය හඳුන්වන්න පුළුවන්. මෙම රටවල තරුණ සහභාගීත්වය වැඩිවීමට බලපා ඇති හේතු වී ඇත්තේ එම වෘත්තීය සමිති තුළ තරුණ අංශයන්, කාන්තා අංශ වැනි අංශ ඇති කර ඔවුන්ට වගකීම පැවරීමයි.

නමුත් තරුණ සහභාගීත්වය අඩුවීම කෙරෙහි බලපා ඇති ප්‍රධාන කාරනයක් වන්නේ නූතනත්වය තුළ තාරුණ්‍යය රැකියාවත් සමග ස්ථාන ගතවන තැන පිළිබඳ ප්‍රශ්නයයි. අළුතෙන් රැකියාවකට පැමිණි පසු එහි අභියොගයක් හෝ අයිතිවාසිකම් කඩවීමක් සිදුවුවහොත් ඔවුන් වෙනත් රැකියාවකට මාරු වෙයි. වැඩබිම තුළ නගින්නාවූ ගැටළු වලට අභියෝග කර විසඳුම් ලබා ගන්නවා වෙනුවට එම ගැටළුවලින් පලායාම සුලභව දැකිය හැකි කාරණයක්.

උදාහරණයක් ලෙස ගුරුවරුන්ගේ පඩි වැඩි වීම් සිදු නොවන අවස්ථාවන්හිදී ඒ සඳහා අරගල කරනවා වෙනුවට ඔවුන් සිදු කරන්නේ දෙමාපියන්ගෙන් මුදල් අයකරගනිමින් ටියුෂන් දමා එම වැඩි යුතු පඩිය සොයා ගැනීමයි.

මිනිසුන් යම් කිසි ආකාරයකට පොදුසමාජ ක්‍රියාලරකම් වලට එන්නේ වැඩකරල ඉතිරිවන අතිරික්ත කාලයේ දීය. නමුත් වර්තමානයේ එසේ අතිර්ක්ත කාලය සමාජ ක්‍රියාකාරකම් වලට නොයොදා සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ ගැටළුවක් ඇත.ස්මාර්ට් ෆෝන් වලින් හුදකලා ලෝක වලසමාජ මාධ්‍ය වල අරගල දක්වා අරගලය විතැන් වී ඇත.

කාන්තාවන් අරගල වලට සහභාගී වීම පිළිබඳ සාකච්චාවේදී ගුරුවරුන් සම්බන්ධවද සාක්ච්ඡාකළ හැකියි.

“ලංකාවේ ගුරුවරු 241000ක් පමණ ඉන්නවා. මේකෙන් 65% ක ප්‍රමානයක් කාන්තාවො. කවුද සමිති වල ඉන්නෙ කියල සමහර අය අහනවා. අපි කැමතියි කාන්තාවන්ට ඉඩ දෙන්න. එයලා එන් නැතිකම ප්‍රශ්නයක්.ඔවුන්ව ගන්න උත්සාහ ගත යුතුයි”

තවදුරටත් ජෝෂප් ස්ටාර්ලින් මෙසේ පවසයි. මේ ආකාරයට සහභාගී නොවීම කාන්තාවන්ට පමණක් අදාල වන කාරනයක් නොවේ. මෙය පොදු කාරණයකි. ඒ සඳහා ඉතා ප්‍රභල කාරණා කිහිපයක් බලපා ඇත. වැඩවර්ජන සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬව සිටීම සුලභ කාරනයක් බවට පත් වී ඇත. තැපැල් සේවය 100% අකර්මණ්‍ය කර එහි සේවකයින් අරගල කරමින් සිටිනව. 2017 දෙසැම්බර් පැවති දුම් රිය වැඩවර්ජනය 100%ක් දුම් රිය ගමන් නැවැත්තුවා. ටෙලිකොම් මෑන්පවර් සේවක අරගලය වාරණ නියෝග 12ක් ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට ගෙන ගියා. මේ අරගල දෙස දෙස බලද්දී වෘත්තීය සමිති වලට හයියක් නෑ කියල කියන්නත් බෑ. නමුත් ආණ්ඩුව මෙම ගැටළුවලට විසඳුම් දෙන් නෑ.

“අරගල තුළ කම්කරු පන්තිය හෙම්බත් කිරීම ආණ්ඩුවේ එකම අරමුණ බවට පත් වී තිබෙනවා.”

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක අරගලය මීට නිදසුනක් ලෙස දැක්විය හැකියි. විවිධ සාකච්ඡා පවත්වමින් දෙමළ සින්හල අවුරුදු සමය වනතුරු අරගලය දිග් ගැස්සවීමට සහ ඔවුන්ව හෙම්බත් කිරීමට ආණ්ඩුව කටයුතු කළා.තැපැල් සේවක අරගලය තිබියදී එම ගැටළු වලට විසඳුම් දීම වෙනුවට තැපැල් කාර්යාල හරහා සිදු කළ දඩ ගෙවීම් සහ විභාග අයදුම් පත්‍ර බාර දීම් කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යයාල වලට පවරා ඇත. කලින් පැවති ආණ්ඩුව සිදු කරන ලද අරගල කුඩුපට්ටම් වනතුරු සිදු කළ පහරදීම් මෙහිදී මොවුන් සිදු නොකරයි.ප්‍රජාතන්ත්‍රවාදය පාරක්ෂා කරනවා කියමින්, උද්ඝොෂණ අයිතිය පිලිගන්නවා කියමින්,  සංවිධානය වීමේ අයිතිය පිළිගනිමින්  ඒවා මග හැර යාම සහ නොසලකා හැරීම ආණ්ඩුවේ මේ මොහොතේ කාර්යය බවට පත් වී ඇත. අළුත් අභියොගයක් බවට පත් වී ඇති මෙම තත්ත්වය වෘත්තීය සමිති විසින් අවබෝධකර ගත යුතුව ඇත.

වසර 200ක අත් දැකීම් ඇත. රාජ්‍ය අංශ්යේ ශක්තිමත් වෘත්තීය සමිති බොහෝ ප්‍රමාණයක් ඇත. සාමූහිකව කේවල් කිරීමේ ශක්තියක්ද ඇත. නමුත් අපිට තිබෙන ප්‍රධාන අභියෝගය කුමක්දැයි තේරුම් ගත යුතුය. මීට හේතුව වී ඇත්තේ නිර්දේශපාලනික ප්‍රවණතා සහ වෘත්තීය සමිති සාම්ප්‍රදායික තත්ත්වයන් යැයිද  යම් කිසි අකාරයකට සඳහන් කළ හැකිය. අවසාන වශයෙන් සඳහන් කළ යුත්තක් ඇත.

“මෙම අර්බුධයන් අප ජයග්‍රහණය කළ යුත්තේ සාමූහිකව යි.”

සටහන – කල්ප මධුරංග (වැඩබිම වෙනුවෙන්)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435