අයවැයේ සැඟවුණු අරමුණ මෙන්න

වැඩකරන ජනයාට එහෙමත් නැත්නම කම්කරු ජනයාට මෙවර අයවැයෙන් බලපාන ප්‍රධාන කරුණු දෙකක් පමණක් ගැන මං කෙටියෙන් කියන්නම්.

එකක් කම්කරු නීති සංශෝධනය කරන්නට යාම අනෙක සේවක වැටුප් වැඩිවීම් හෝ වැඩකරන ජනයාට සහනයක් නොමැතිකමින් උද්ධමනයට මුහුණ දීමට නොහැකිවීම.

මෙය ප්‍රකාශිත අදහස්වලට වඩා හැංගිච්චි අරමුණු තියෙන අයවැයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ ව්‍යාපෘති රාමුව තුළ රට යන දිශාව පෙන්නුම්කරන අයවැයක්. කම්කරු පංතියට වක්‍ර විදිහට බොහෝ ඉඟි දීලා තියෙනවා. වැඩකරන ජනයාගේ සේවා කාලය පිළිබඳ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවට කියනවා. ඒකෙ හැංගිච්චි අදහස නම් කම්කරු නීති රීති සංශෝධනය කිරීමයි. එනම් හාම්පුතුන්ගේ අවශ්‍යතා අනුව කම්කරු නීති රීති යළි හැදීමේ වුවමනාවක් මෙයින් පෙන්නුම් කරනවා. ඒකට මීට පෙරාතුවත් යම් යම් උත්සාහයන් ගත්තා. ඒ සඳහා ආණඩුවේ ඇති පැහැදිලි අවශ්‍යතාව මෙවර අයවැයෙන් අවධාරණය කර තිබෙනවා. කම්කරුවන්ට සහනයක් දෙන මුවාවෙන් ලිහිල් සේවා කාලය කියන්නෙම වැඩි වැඩියෙන් සේවය කිරීමට පොළඹවන වටපිටාවක්, එම සේවයට නොගෙවන, එම සේවය ගණනය නොකරන තත්ත්වයට පත්කරමින් හාම්පුතුන්ගේ වුවමනාවන් ඉටුකරන්නට මේ අය උපරිම දායකත්වයක් දෙමින් ඉන්නවා. දැනටමත් කම්කරු අමාත්‍යංශය විසින් නීති රීති ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළකට යොමුවෙලා තියෙනවා. යම් යම් වෘත්තීය සමිතිවල අනුදැනුම මත මේක සිද්ධවුණත් සේවකයින්ගේ පූර්ණ පාලනයට නතුවේච්ච ප්‍රධාන වෘත්තිය සමිති එදා වගේම අදත් මේකට විරෝධය දක්වමින් තියෙනවා.

අනෙක් අතට මෙවර අයවැයෙන් සේවක වැටුප් වැඩිවීම් හෝ ඔවුන්ගේ සුභ සාධනය, ඔවුන්ගේ අර්ථික තත්ත්වය වර්ධනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නෑ. එහි තේරුම නම් ඉදිරි කාලය තුළ රටේ උද්ධමනය වැඩිවෙන බවයි. උද්ධමනය වැඩිවනවානම් සේවකයන්ගේ පඩිපතේ නියම වටිනාකම පහත වැටීමට ඉඩතියෙනවා. අත්‍යවශ්‍ය බඩුවල යම් අඩුකිරීමක් සිද්ධවුණත් රටේ උද්ධමනය වැඩියෙලා සේවක පඩිපතෙන් මිලදී ගත හැකි ශක්තිය අවප්‍රමාණය වුණාම භාණ්ඩ මිල අඩුකිරීම ඵලරහිත වෙනවා. ප්‍රායෝගික නෑ.

ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධිත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ටී.එම්.ආර් රෂ්ඩීන්

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435