අයවැය ගැන වෘත්තීය සමිති අදහස්

02 December 2013 – wedabima.lk

 

2014 වර්ෂයට මුදල් අයවැය  මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් මස 21 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව 2014 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත රජයේ වියදම රු. බිලියන 1542 කි.   මේ මුළු වියදම පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 1100 දක්වා ණය ලබා ගත හැකි බව අයවැය යෝජනාවලට පෙර ඔක්තෝමබර් 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය ඇස්තමේන්තු ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත ම`ගින් ප‍්‍රකාශ කරනු ලැබීය. ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍ෂෙත‍්‍රයේ ක‍්‍රියාකාරීන්ගේ අදහස් මෙහි පල වේ.

 

 

 

 

 

 

ජීවන තත්ත්වය නගා සිටුවීමේ වැඩ පිළිවෙතක් නැහැ

 

ඇන්ටන් මාකස් – සම ලේකම්, නිදහස් වෙළඳ කළාප පොදු සේවක සංගමය

 

සාමාන්‍යයෙන් අයවැය යෝජනා මගින් ජනතාව බලාපොරොත්තු වන්නේ රටේ ආර්ථිකය ඉදිරියට මෙහෙය වන්නේ කොහොමද? ඒ සඳහා ඇති කීරීමට නියමිත ප‍්‍රතිපත්ති හා ගන්නා ක‍්‍රියාමාර්ග මොනවද යන කාරණාය. ඒත් මෙම අයවැයෙන් ඒ පිළිබඳව කිසිදු ඉගියක් ලැබුනේ නැහැ කියන එක තමයි අපේ නිරීක්ෂණය.

 

ආණ්ඩුව දිගින් දිගටම කියන සංවර්ධනය මැනිය හැකි මිණුම් දණ්ඩ සංඛ්‍යා ලේඛණ නොවේ. ජනතාවගේ ජීවන තත්ත්වය හැකි තරම් ඉහළ මට්ටමක තියෙනවාද? මූලික අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොයි තරම් ක‍්‍රියාත්මක වෙනවාද? සාර ධර්ම කොයිතරම් පවතිනවාද කියන කරුණු තමයි සංවර්ධනයේ මිණුම් දඩු විය යුත්තේ.

 

ඒත් අද අපි දන්නේ දේශපාලඥයෝ මිනීමැරුම්, ස්ත‍්‍රී දුෂණ කරන හමුදාවෙන් පැන ආ අය අපරධ කරන සාරධර්ම පිරිහුණු සමාජයක්. තිස් අවුරුදු යුද්ධයේදී සිදුවුනු හමුදාකරණය බරපලත විදියට සමාජයට විපත් ගෙන තියෙනව. නමුත් මේවා ආමණ්ත‍්‍රනය කරනජනතාවගේ ජීවන තත්ත්වය න`ගා සිටුවන වැඩ පිළිවෙත් මේ අයවැය තුළ නෑ.

 

 

ඉලක්කම් විජ්ජාවක්

 

මුදිත කරුණාමුනි – භාණ්ඩාගාරික, තැපල් හා විදුලි සංන්දේශ නිලධාරීන්ගේ සංගමය

 

සාමාන්‍යයෙන් අයවැයෙන් ඉදිරිපත් කරන්නේ ඉදිරියේදී වෙනන්න තියෙන දේ. ඒත් අපේ අයවැයෙන් ඇත්ත හංගලා තියෙන්නෙ. එකම භාණ්ඩයට විවිධ මාදිලියෙන් බදු අය කරලා මිල ඉහළ යනවා. ඒ නිසා මේ අයවැය ඉලක්කම් විජ්ජාවක්. අයවැයෙන් පසුව තමයි දැන් කිරිපිටි, ගෑස් මිල වැඩි වෙන්න යන්නේ.

 

රපියල් 470,00 ක් වූ පවුලක ජීවන වියදම වෙනුවෙන් ර.100,00 ක වැටුප් වැඩි වීමක් ඉල්ලූවාම රු. 120,0 ක දීමනාවක් තමයි ලබා දුන්නේ. ඒත් ඒක පැහැදිලි කරමින් අයවැය කථාවේදී කිව්වෙ නොවැම්බර් 05 වෙනිදා ගැසට් කරපු වැටුප් කොමිසමේ නිර්දේශ වලින් පසු වැටුප් විෂමතා විසඳන බවයි.

 

එහිදී ජනාධිපතිවරයා 1:4 වැටුප් පරතරය ගැන කියූ කථාවෙන් අපට ගැටළුවක් පැන න`ගිනවා. 1:12 ක වැටුප් පරතරයක් ඉල්ලා සිටිනවා. නව වැටුප් කොමිසම නිර්දේශ කරන්න යන්නේ ඒකද කියන සැකය මතු වෙනවා.

 

සමස්තයක් විදියට ගත්තම සාමාන්‍ය ජනයාට ජීවත් වෙන්න බැරි ජනතාව කබලෙන් ලිපට වැට්ටූ ප්‍රෝඩාකාරී අයවැයක් විදියට තමයි දකින්නේ.

 

 

අධ්‍යාපනය නොසලකා හැරි අයවැයක්

 

රසිකා හඳපාන්ගොඩ – උප සභාපති, ලංකා ගුරු සංගමය

 

සමස්තයක් හැටියට රටේ වැඩ කරන ජනතාව පීඩනටය පත් කරපු අයවැයක් විදියට තමයි මේ අයවැය දකින්න පුළුවන්. විශේෂයෙන් අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ බලාපොරොත්තු කඩකරපු ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට හා සිසුන්ට සහනයක් නොලැබුණු අයවැයක්. ගුරුවරු හා විදුහල්පතිවරු තමන්ගේ වැටුප් විෂමතා මේ අයවැයෙන් විසඳයි කියන බලාපොරොත්තුවෙන් තමයි හිටියේ.

 

ඒ වගේම ශිෂ්‍යන්ගේ අධ්‍යාපන සංවර්ධනය හා ගුණාත්මකභාවය යටතේ මුදල් වෙන්කරලා නැහැ. දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කළ යුතුයි කියන සමාජගත කරපු ඉල්ලීම වෙනුවට දළ ජාතික නිෂ්පාදනයෙන් 2% ටත් අඩු මුදලක් තමයි අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නෙ.

 

පසුගිය අයවැයෙන් දුෂ්කර පාසල් වල දරුවන්ට අමතර ඇඳුමක්, සපත්තු ජෝඩුවක්, කිරි වීදුරුවක් හා පෝෂදායී අහාර වේලක් ලබා දෙනවා කියලා තමයි කිව්වේ. ඔය කියන දේවල් දුෂ්කර පාසල් වල ළමයින්ට හම්බ වුනෙත් නෑ. මේ අයවැය ඒ ගැන කථා කලේ නෑ.

 

ඒ නිසාම අවසාන වශයෙන් අධ්‍යාපන කේෂ්ත‍්‍රයට සහන නොදුන් හා ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන වෙන් කරපු අයවැයක් ලෙස තමයි මේ අයවැය දකින්න පුළුවන්.

 

 

පෞද්ගලික අංශයේ සේවකයන්ට කිසිවක් නැහැ

 

ඞී. මලවීසූරිය, උප ලේකම්, ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක සංගමය

මේ අයවැයේදී කම්කරු පන්තියට කිසිම සෙතක් වෙලා තියෙනවා කියලා පේන්නේ නැහ. රාජ්‍ය අංශයට දීලා තියෙන රු. 120,0 ත් වැටුපට නෙමෙයි එල්ලා දීලා තියන්නෙ. අයවැයෙන් පහු වෙනිදා සිදු වුනේ ගැසට් මගින් බඩු මිල වැඩි වීමයි.

 

මෙහිදී පෞද්ගලික අංශය නොසලකා හැරලා තියෙනවා. අයවැයට පසු කම්කරු ඇමතිවරයා තමයි වෙනත් උත්සවයකදී කියලා තිබුනෙ එම රු. 120,0 පෞද්ගලික අංශයටත් දෙන්න කියලා. සමස්තයක් විදියට කම්කරු පන්තියට අයවැයෙන් යහපතක් වෙලා නැහ කියලා තමයි අපි හිතන්නෙ.

 

ඒ වගේම 2016 දක්වා පෞද්ගලික අංශයේ සහ සමහර ආයතන වල 2015 දක්වා වැටුප් ලේඛණ ගත කරලා ඉවරයි. ඒ නිසා අයවැයෙන් වටුප් වැඩිවීම ලැබෙයි කියලා අපට කියන්න බැහැ. අවාසාන වශයෙන් කියන්න තියෙන්නේ පෞද්ගලික අංශයේ සතුටට හේතුවන කිසිවක් මේ අයවැයේ නැහැ කියලා.

 

 

පොඩි මිනිහාට නොසලකා හැරලා

 

ජගත් ගුරුසිංහ – සභාපති, ටෙලිකොම් සියලු සේවක සංගමය

අයවැයෙන් බොහෝ විට සිදුවිය යුත්තේ සමාන්‍ය පීඩිත ජනයා පිළිබඳව අවධානය යොමු කිරීමයි. ඒත් මේ අයවැයේදී විශාල ව්‍යාපාරිකයන් ගැන අවධානය යොමු කර ඇති බවක් තමයි අපි දැක්කෙ. ඇත්තටම පීඩිත පොඩි මිනිහාට අවශ්‍ය මහා පරිමාණ දේවල් නොවේ පොඩි පොඩි දේවල්. ඒ ගැන අවධානයක් යොමුකරලා විසඳුමක් දුන් බව පෙනෙන්න නැහැ.

 

පස් දෙනකුලෙන් යුක්ත පවුලකට මාසායකට ජීවත් වෙන්න අවශ්‍ය අවම මුදලක් තියෙනවා. සේවකයන්ගේ වැටුප පුළුවන් තරම් එතනට ගේන්න තමයි අපි වැඩ කරන්නෙ. එහෙම නැතිව රු. 110,00 යි රු. 115,00 කියලා ඉල්ලීම් කරන එක නෙමෙයි. පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය එතනය ගෙන යන වැඩ පිළිවෙලකට තමයි අපි යන්න  ඕන.  

 

 

ජනතාවට බදු ගහපු අයවැයක්

 

වසන්ත සමරසිංහ, සභාපති, අන්තර් සමාගම් සේවක සංගමය

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ 09 වැනි වරට ඉදිරිපත් කළ මේ අයවැය රටේ ජනතාවට බදු ගහපු බොරු ප්‍රෝඩාවක් විදියට තමයි අපි දකින්නෙ.

 

එක පවුලකට අළුත් බදු බර අවුරුද්දකට රුපියල් 475,20 යි. මාසයකට රුපියල් 3710 යි. රටේ සියළුම පවුල් වලට මේ බදු බර වැටෙනවා. හැබැයි 3700 ක් ගන්න ගමන් රජයේ සේවකයාට රුපියල් 1200 ක් දීලා පෞද්ගලික අංශයේ සේවකයාට මොකුත් නැහැ.

 

අනෙක් පැත්තට සුපර් මාර්කට් වලට තිබුණු බද්ද අඩු කරලා, පොඩි කඩවලට තියෙන බද්ධ වැඩි කරලා. එයිනුත් අවසානයේ බදු බර වැටෙන්නෙ සාමාන්‍ය ජනතාවට.

 

විශ‍්‍රාමිකයට දීලා තියෙන්නෙ රු. 350 යි. ඒ කියන්නේ දවසකට රු. 16 යි. ඒකෙන් පුළුවන් පාන් කාලක් කන්න විතරයි. රජයේ සේවකයාට දීලා තියෙන රු. 40 න් ප්ලේන්ටියයි, රොටියයි විතරයි කන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරයාගේ වියදම දවසකට ලක්ෂ 234 දක්වා වැඩිකරගෙන.

 

එයින් පෙනෙන්නේ ගොවියා, ධීවරයා, වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් කිසිඳු මැදිහත් වීමක් නොකරපු, ජනතාවගේ ප‍්‍රශ්ණ නොවිසඳන ප‍්‍රභූ අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා කියන කරුණයි.

 

 

 

සෑහීමට පත් වෙන්න බෑ

 සෝමා තෙන්නකෝන්, විධායක සභික,  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

 

මේ අයවැය වැඩ කරන පන්තියට සාධාරණ අයවැයක් විදියට අපිට දකින්න බෑ. රජයේ සේවකයන්ට සහ විශ‍්‍රාමිකයින්ට දීලා තියෙන දීමනාව දිහා බැලූවම පේනවා ඒක සීනි තවරලා රවට්ටන්න දීපු දීමනාවක් බව.

 

උදාහරණයකට සෞඛ්‍ය සේවකයන් වන අපගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 500 සිට 1500 දක්වා වැඩි කරනවා කියලා තියෙනවා. හැබැයි අපට කීයක් ලැබෙයිද කියලා දන්නෙ නැහැ. රුපියල් 500 ක් ලැබුනොත් මාසයකට ලැබෙන්නෙ රුපියල් 45 ක් වගේ මුදලක්.

 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විදුලිය ඇතුළු අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල දිනෙන් දින ඉහල යනවා. මේ උද්ධමනයත් එක්ක රජයේ සේවයාට රු. 1200 ක් දුන්නා වැඩක් නෑ. ඒ නිසාම ගෘහණියන් විදියට හා වැඩ කරන පන්තියේ සාමාජිකාවක් විදියට මේ අයවැය ගැන සෑහීමකට පත් වෙන්න බෑ.

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435