අයහපත් කාලගුණයෙන් සෞදියට පීඩා

සෞදි අරාබියේ අබා නගරයට හා කාමිස් මුෂායිට් ආණ්ඩුකාර ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා එරට ජන ජීවිතයට දැඩි තර්ජන එල්ලවී තිබෙන බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.

වර්ෂා ජලයත් සමඟ හිම පතිත වූ තිබෙන ආකාරය සුන්දර දසුනක් වුවද මේ අයහපත් කාලගුණයෙන් ප්‍රවේශම්වෙන ලෙසයි මේ ප්‍රදේශවල ජනයාට සෞදි කාලගුණ විද්‍යා හා පරිසර ආරක්ෂණ අධිකාරිය දන්වා ඇත්තේ.

එමෙන්ම, මඩීනා, මක්කම, රියාද්, ටබුක්අල්-ජවුෆ්, හේල් සහ අල්-කසීම් යන නගරවලට තද සුළං සහ වැලි කුණාටු ඉදිරි දින කීපයේදි ඇති විය හැකි බවට සෞදි කාලගුණ විද්‍යා හා පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාව දැණුවත් කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435