අයහපත් කාලගුණයෙන් සෞදිය උඩුයටිකුරු වෙයි

සෞදි අරාබියට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා එරට ජන ජිවිතයට බාධා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන් මෙම පරිසර වෙනස්වීමත් සමඟ Jeddah, Rabegh සහ Khalis යන ප්‍රදේශවල පිහිටි පාසල්ද වසා දැමිමට බලධාරීන්ට සිදුවී තිබෙන අතර Jeddah හි විශ්ව විද්‍යාලයද අබ්දුල්ලාසිස් රජු විසින් වසා දැමීමට කටයුතු කර තිබේ.

මීට අමතරව Mecca, Bahara, Al-Jamoum, Dhahban, Asfan, Gharran, Thoul සහ Al-Shaiba යන ප්‍රදේශවල පාසල්ද වසා දැමීමට කටයුතු කර ඇත.

සෞදියේ කාලගුණ විද්‍යා හා පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක්ද නිකුත්කරමින් ප්‍රකාශකොට ඇත්තේ එරටට බලපා ඇති මෙම අයහපත් කාලගුණය අනතුරුදායක වන අතරම දූවිලි කුණාටු තත්ත්වය හා පරිසරයේ දෘෂ්‍යතාවයද පහත වැටීම එයට මූලික හේතුව වන බවයි.

වැලි කුණාටු නිසා රෝග අවධානමක්ද හිස එසවිය හැකි බවත් පරිසරයේ අදුරු ස්වභාවය නිසා රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක්ද පවතින බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව සෞදියේ ජීවත්වෙන සියළුම දෙනාට එරට රජය සිහිපත්කර දී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435