අයහපත් කාලගුණයෙන් UAE රාජ්‍යට දැඩි බලපෑම් -ප්‍රවේශම්වෙන ලෙස නිවේදනයක්!

එක්සත් අරාබි එමීර් රාජ්‍යට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය නිසා එරට ජන ජීවිතයට දැඩි හානි පමුණුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නගර කිහිපයක ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීන් තිබූ නිසා ගමනාගමනයටද බාධා එල්ලවී තිබූ අතර එම හේතුව නිසා විශාල මාර්ග තදබදයක්ද නිර්මානය වී තිබූ බවත් සඳහන්.

විශේෂයෙන් මේ පවතින අයහපත් කාලගුණය තරමක් දුරට පාලනය වන තෙක් රියදුරන්ට රියධාවනයේදී වඩාත් සැලකිලිමත්වෙන ලෙස පොලීසිය සිහිපත් කරයි.

එමෙන්ම, ගුවන් ගමන් ප්‍රමාදයක්ද ඇති වී තිබෙන නිසා ප්‍රමාදයන් පිළිබඳව දැනගැනීමට ටිකට්පත් වෙන් කරගෙන ඇති ගුවන් සමාගම්වලට ඇමතුමක් ලබාදෙන ලෙස එමිරේට්ස් සිවිල් ගුවන්සේවා අධිකාරිය දැණුම් දී තිබේ.

ඔබත් UAE හි සේවය කරන අයෙක් නම් රිය ධාවනයේදී, මාර්ගවල ගමන් කිරීමේදී හා එළිමහනේ සේවය කිරීමේදී වඩාත් සැලකිල්මත් වෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435