අයහපත් කාලගුණ තත්ත්වයක් ගැන කටාරයට රතුඑළියක්!

කටාරයට ඉදිරි දින කිහිපය බලපානු ලබන අයහපත් කාලගුණික තත්ත්වයක් ගැන එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවා තිබේ.

ඒ අනුව එළැඹෙන 17 සිට 19 දක්වා කාලය තුළ කටාරයේ බොහෝ ප්‍රදේශවලට අනපේක්ෂිත සුළන් තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවත් රට අභ්‍යන්තරයට රළුව සුළන් හමා එන බවත් නිවේදනය කර ඇත.

එමෙන්ම, මෙම කාලවකවානුව තුළ සාමාන්‍යයෙන් උෂ්ණත්වයේ පහල බැසීමක් සිදුවෙන අතර උපරිම ලෙස 16 සිට 20 ත් අතර අගයක් හා පහලම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8ක් දක්වා පහල අගයක් ගන්නා බවත් කාලගුණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

විශේෂයෙන් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල සුළන් හමා ඒමේ වේගය නාවුක සැතපුම් 18 සිට 28 දක්වා ඉහළ යාමත් ,ඇතැම් අවස්ථාවල එම වේගය නාවුක සැතපුම් 38ක් දක්වා ඉහළ යා හැකි බවත් නිවේදනයේ සඳහන්.

තවද, සුළන් සමඟ දුවිලි කුණාටු තත්ත්වයක් හටගැනීමේ ඉඩ ප්‍රස්ථාවද ඉදිරි දින කිහිපය තුළම පවතින බවත් සඳහන්.

සුළන් නිසා මුහුදු රළ මට්ටමද ඉහළ යා හැකි අතර රළ ප්‍රචණ්ඩකාරීලෙස වෙරළ දෙසට පැමිණෙන අතර මුහුදු රළ අඩි 7 සිට 15 දක්වා ඉහළයාහැකි බවත් වාර්තා වේ.

මේ අයහපත් කාලගුණය ගැන අවධානයෙන් පසුවිය යුතු බව කටාර් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එරට වෙසෙන සියළු දෙනාටම සිහිපත්කර දී තිබෙන අතර ආරක්ෂාකාරීව කටයුතු කිරීමත්, මුහුදු සීමා වලින් ඇත්වී සිටීමටත් වගබලා ගන්නා ලෙසත් සැමට සිහිපත් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435