
අයිස් මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටේදී පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී තිබේ.
සැකකාර පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකකුත් තවත් ග්‍රෑම් හතලිස් පහකුත් සොයා ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට හැකිවී ඇත.
අදාල පුද්ගලයා 33 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු චෙන්නායි සිට මෙරටට පැමිණ තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
වැඩබිම