අයි.සී.සී.පි.ආර් පනත ජනමාධ්‍ය මර්දනය කිරීමටද ?

අයි.සී.සී.පි.ආර් පනත යොදාගෙන ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයන් හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් කියා සිටින්නේ,

ප‍්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ඩේලිමිරර් පුවත්පතට ලියූ ලිපියක් පදනම් කරගෙන අයි. සී. සීග පි. ආර්. පනත හෙවත් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ  ප‍්‍රතිපාදන අනුව නෛතික ක්‍රියාමාර්ග වලට එළඹීම දැඩි ලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යපාරය, නීතිය මෙලෙස අසාධාරණ ලෙස යොදා ගැනීමෙන් වළකින්නැයි වගකිවයුතු සියලූ පාර්ශවයන් වෙත අවධාරණය කර සිටියි.

දීර්ඝ කාලයක් සිංහල සහ ඉංග‍්‍රීසි භාෂා ද්විත්යෙන්ම ජනමාධ්‍ය කටයුතුවල නිරත වන කුසල් පෙරේරා සාධාරණ සහ අපක්ෂපාතී ලෙස මාධ්‍ය භාවිතයේ නිරතවන මාධ්‍යවේදීයෙකු ලෙස දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පිළිගැනීමට ලක් වූවෙකි. ඔහු විසින් සතිපතා ෙඩ්ලිමිරර් පුවත්පතට සපයන තීරු ලිපිය යටතේ මැයි 17 වන දින ” From Islamic Terrorism to marauding Sinhala Buddhist violence” හෙවත් ”ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය” දක්වා යන ලිපිය පදනම් කර ගෙන පොලිසියේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් අයි.සී.සීගපී.ආර්. පනත යටතේ පියවර ගැනීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත. එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය 14වන සිකුරාදා පොලිසිය විසින් එම ලිපිය පළවූ ෙඩ්ලිමිරර් පුවත්පතේ ප‍්‍රධානීන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ දරා තිබේ. තාක්ෂණික කරුණක් මත ඩේලිමිරර් පුවත්පතේ ප‍්‍රධානීන්ගෙන් එදින එම ප‍්‍රකාශය ලබාගැනීමට නොහැකි වුවද, පොලිසිය සඳහන් කර ඇත්තේ එම කරුණ නිවැරදි කරගෙන ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා යළි පැමිණෙන බවයි. එමෙන්ම, එහිදී පොලිසිය කුසල් පෙරේරා ගෙන්ද ප‍්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඔහුගේ ලිපිනය සහ දුරකතන අංකද ලබාගෙන තිබේ.

පොලිසියේ මෙම ක්‍‍්‍රියාකාරීත්වය, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තර්ජනයක් බවත්, විශේෂයෙන් කිසිවෙකුගේ පැමිණිල්ලක් පදනම් කරගෙන පිළිගත් මුද්‍රිත මාධ්‍යයක පළවන ප‍්‍රවීන ජනමාධ්‍යවේදියෙකුගේ ලිපියක් සම්බන්ධයෙන් ඇප පවා ලබා දිය නොහැකි වන සේ ප‍්‍රතිපාදන ඇතුළත් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නෛතික ක්‍‍්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කිරීම භයානක පූර්වාදර්ශයක් බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දයි.

මෙම තත්වය වැළැක්වීමට මැදිහත් වන ලෙස අදාළ සියලූ පාර්ශව වෙත අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එරෙහි මෙවන් උත්සාහයන් පරාජය කිරීමට පෙරට එන්නැයි මානව හිමිකම්වලට ගරු කරන සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435