අර්බුදයට විසඳුමක්‌ නැතිනම් 29 දාට පසු හෙද වර්ජන

25 මාර්තු 2014 – wedabima.lk

 

සූතිකා පුහුණුව සම්බන්ධයෙන් හෙද හෙදියන් හා වෛද්‍යවරුන් අතර පවතින අර්බුදය විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් ලබන 29 වැනිදායින් පසු සතියේ හෙද වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට තම සංගමය තීරණය කර ඇතැයි රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ “දිවයින” ට පැවසූහ.

 

මෙම වර්ජනය ක්‍රියාත්මක කරන දිනය පිළිබඳව ලබන සතියේ හෙද සංගමයේ සාමාජිකත්වය රැස්‌වී තීන්දුවක්‌ ගන්නා බව ද උන්වහන්සේ කීහ. දැන් ක්‍රියාත්මක වෛද්‍යවරුන්ට සහාය නොදීමේ ක්‍රියාමාර්ගය රෝහල්වල රෝගී සත්කාර කටයුතුවලට බාධාවක්‌ නොවන අයුරින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව උන්වහන්සේ කීහ.

 

මෙහිදී විශේෂ හා පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන් පරිපාලන කටයුතුවලින් ඉවත්ව සිටින අතර වෛද්‍යවරුන් විසින් බෙහෙත් හා ලිපි ද්‍රව්‍ය සම්බන්ධව කරනු ලබන කිසිදු ඉල්ලීමකට සහාය නොදක්‌වන බව හෙද සංගමයේ සභාපති හිමියෝ කීහ. මෙමගින් වාට්‌ටුවල, සායන හා ශල්‍යාගාරවල රෝගී සත්කාර සේවාවන්ට කිසිදු බලපෑමක්‌ එල්ල නොවන බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ කීහ.

 

සාමාන්‍ය හෙද නිලධාරීහු ද වෛද්‍යවරුන්ගේ කටයුතුවලට සහාය ලබාදීමෙන් වැළකී සිටිති.

 

හෙද හෙදියන් අරඹා ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව විමසූ විටදී රජයේ රෝහල් ප්‍රධානීන් කිsයා සිටියේ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන්ට බාධා පැමිණ නැති බවයි. එහෙත් ඇතැම් අංශවල කටයුතුවල ප්‍රමාදයක්‌ මේ හේතුවෙන් ඇති වී ඇතැයි ඔවුහු සඳහන් කළහ.

 

මුලාශ්‍රය – divaina.com

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435