අරාබිය, ඕමාන්, සවුදි අරාබියේ රැකියා දොරටු විදේශිකයන්ට වැසේ

ක්ෂේත‍්‍ර කිහිපයක රැකියා සඳහා තවදුරටත් අලූතින් විදේශිකයින් බඳවා නොගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, සවුදි අරාබිය සහ කුවේට් රාජ්‍ය තීරණය කර තිබෙනවා.

අදාළ ක්ෂේත‍්‍ර වල දැනටමත් රැකියාවන්හි යෙදී සිටින විදේශිකයින්ගෙන් වයස අවුරුදු 40 ඉක්මවූවන්ට සේවා දිගු ලබා නොදීමට ද ඔවුන් තීරණය කර ඇති බවයි ‘‘ඇරබියා ටුඬේ’’ ප‍්‍රවෘත්ති සේවය පවසා සිටියා .

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන් සහ සවුදි අරාබිය ලබන මාසයේ සිට මීට අදාළ රෙගුලාසි කි‍්‍රයාත්මක කරනු ඇති. කුවේට් රාජ්‍යය අදාළ රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීමට නියමිතව ඇත්තේ ලබන මැයි මාසයේ සිටයි.

සිය පුරවැසියන් දැනුමෙන් සන්නද්ධ කර වෘත්තීය අවස්ථා වැඩි ප‍්‍රමාණයක් ඔවුන්ට ලබා දීම මෙම රටවල අපේක්‍ෂාව වී තිබෙනවා. ඒ වෙනුවෙන් දැනුම ගම්මාන පිහිටුවමින් ඔවුන් ඉකුත් සමයේ විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කළා. ඒ යටතේ දැනුමෙන් සන්නද්ධවූවන් දැන් ශ‍්‍රම බලකායට එක්වීමට සූදානම් බවයි ‘‘ඇරබියා ටුඬේ’’ ප‍්‍රවෘත්ති සේවය පළ කළ වාර්තාවේ දැක්වෙන්නේ.

හදුනාගත් ක්‍ෂේත‍්‍ර 35ක රැකියා සදහා විදේශිකයන් තවදුරටත් බදවා නොගැනීමට මෙම රටවල් තීරණය කර ඇත්තේද ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීම සදහායි.

ඖෂධවේදීන්, පරිපාලන ලිපිකරුවන්, ගබඩා පාලකවරුන්, මානව සම්පත් නිලධාරීන්, පිළිගැනීමේ නිලධාරීන්, රාජ්‍ය දෙපාර්තමේන්තු සේවකයින්, ආරක්ෂක නිලධාරීන්, පරිපාලන කළමනාකරුවන් මේ යටතේ විදේශිකයන්ට අහිමි වන රැකියා කිහිපයක්.

පුස්තකාලාධිපතිවරුන්, මිලදී ගැනීමේ කළමනාකරුවන්, තැපැල්කරුවන්, ලේකම්වරුන්, ණය එකතුකරන්නන්, අයකැමි සහ සංචාරක මගපෙන්වන්නන් සඳහා ද මෙහිදී විදේශිකයන්ට රැකියා අහිමි වනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, සවුදි අරාබිය සහ කුවේට් යවන රටවල ශී‍්‍ර ලාංකිකයින් ද මෙම රැකියාවල නිරත වී සිිටිනවා.

එමිල් රෝහන් මිලානෝ සිට .(උපුටා ගැනීමකි)

අදාල රටවල් වල තානාපති කාර්‍යාල වලින් විමසා සත්‍ය අසත්‍ය පිළිබඳව විමසිලිමත්ව වන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435