අවුරුදු 65ක් පැරණි කර්මාන්ත ශාලා අඥාපනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥාපනත දැනට අවුරුදු 65ක්  පැරණි වුවද එයට අදාළව සම්පාදනය වී ඇත්තේ නියෝග කිහිපයක් පමණි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඵළදායි අයුරින් නීතිය බලගැන්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන එම පනතට අදාළව කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම සහ කර්මාන්තශාලා ගොඩනැගිළි අනුමත කිරීම, හුමාල බොලේරු ලියාපදිංචි කිරීම, හුමාල බොයිලේරු සහ සෙසු පීඩන භාජන පරික්ෂා කිරීම පිළිබඳ සහතික නිකුත් කිරීම, අධික ශබ්දයෙන් සේවකයින් ආරක්ෂා කිරීම සහ වැඩබිමේ ප්‍රමාණවත් ලෙස ආලෝකය සැපයීම යන කරුණු සඳහා වන පොදු සම්මත නියෝග පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත්, එම නියෝග අනුමැතිය ලැබීමෙන් පසුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබේ.

1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥාපනතෙහි ප්‍රධාන කාර්ය වන්නේ සේවකයින්ගේ වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය මෙන්ම ඔවුන්ගේ සුභසාධනය පවත්වාගෙන යාමයි.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ කැබිනට් අමාත්‍ය නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසිනි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435