අසත්‍ය ප්‍රචාරයක් නිසා කුවේටයේ තානාපති කාර්යාලයක් නොසන්සුම් වෙයි

අසත්‍ය ප්‍රචාරයක් නිසා කුවේටයේ තානාපති කාර්යාලයක් නොසන්සුම් වූ පුවතක් පසුගියදා විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.

කුවේටයේ ඊජිප්තු කොන්සියුලර් කාර්යාලය පුපුරවා හරින බවට තර්ජනය කරමින් තමන්ට කොන්සියුලර් කාර්යාලයට ඇතුළුවීමට අවසර ලබා නොදෙන්නේ නම් පුපුරවා හරින බවට ආරක්ෂක අංශ නිලධාරීන්ට අදාළ පුද්ගලයා ප්‍රකාශකර තිබේ.

කෙසේ වෙතත් ක්ෂණිකව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කර තිබූ අතර ඔහු කුවේට් ජාතිකයෙකු බවට අනාවරණයකරගෙන තිබේ.

අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සැකකාර පුද්ගලයා පොලීසියට බාරදී තිබෙන අතර අත්අඩංගුවට ගැනීමට යෑමේදි ආරක්ෂක අංශ නිලධාරීන්ට පිහියකින් ඇනීමටද ඔහු උත්සාහ කර තිබේ.

විසි දෙහැවිරිදි කුවේට් ජාතිකයාව අත්අඩංගුවට ගැනීමට යෑමේදි ආරක්ෂක අංශ නිලධාරීන්ට පිහියකින් ඇනීමට උත්සහ කර ඇති අතර ඔහු සතුව තිබි පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු වී නොමැත.

ඔහුව පරීක්ෂාකර බැලීමේදී කිසිඳු පුපුරණ ද්‍රව්‍යක් ළඟ තිබී නොමැති අතර අසත්‍ය ප්‍රචාරයක්කර ආරක්ෂක අශ මුලාවේ දැමීමට කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435