අසත්‍ය පුවත්,වෛරී ප්‍රකාශන හා අදහස් ප්‍රකාශ ගැන සංවාදයක්

අප්‍රියෙල් 21 වැනිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු රට තුළ උද්ගත වූ තත්වය හේතුවෙන් ජනමාධ්‍යයෙහි හැසිරීමෙහි ව්‍යාකූලත්වයක් ඇති බවට සංවාදයක් ඇති වී අතර, එම සිද්ධියෙන් පසු ඇතැම් ජනමාධ්‍ය ආචාර ධර්ම කඩකරමින් රට තුළ වෛරය හා ද්වේෂය ඇති වන අන්දමින් කරන ලද වාර්තාකරණයන්හිද කැපී පෙනෙන ඉහළ යාමක් දැක ගත හැකි වෙන බවත්, මෙම හේතු කොට ගෙන පුරවැසියන් ගේ ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම්ද  බරපතල ලෙසින් උල්ලංඝනය වෙමින් පවතින බව සැලකිල්ලට ගත යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

මෙම තත්ත්වය සංවාදයට බදුන් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පවත්වනු ලබන විද්වත් සංවාදයක් 2019 ජූලි මස 17 වැනි දින පස්වරු 3.30 සිට 5.30 දක්වා ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස් නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම, ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ නීතිඥ ලක්ෂාන් ඩයස් එම සංවාදයට සහභාගි වීමට  නියමිතය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435