ආයුර්වේදයේ පුරප්පාඩු පිරවීමට වාර්තාවක් ඉල්ලයි

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පළාත් ආයුර්වේද කොමසාරිස්වරු, දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී ආයුර්වේද කොමසාරිස්වරු ඇතුලු නිලධාරීන් ප්‍රධාන වශයෙන් මානව සම්පත් හිඟය, මුදල් ප්‍රතිපාදන, නිල නිවාස ගැටලු සහ පුරප්පාඩු සදහා බදවා ගැනීම, සේවා නියාමනය කිරීම, ස්ථාන මාරු, ප්‍රජා වෛද්‍ය සේවා පනතක අවශ්‍යතාවය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය නොමැතිකම පිළිබදව සිය අදහස් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත දැනුම් දෙන ලදි.

ඉදිරිපත් කරන ලද කරුණු පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ ආයුර්වේදය සදහා හෙද, රසායනාගාර ශිල්පීන්, ඖෂධ සංයෝජකයින්, ආදි බදවා ගැනීම් සදහා නව ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇති බවයි.

එම බදවා ගැනීමේ දී එම ප්‍රදේශවලින්ම එම තනතුරු සදහා බදවා ගැනීමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදි.  එමෙන්ම සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලද අතර, ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලවල දැනුම ඉදිරියට ගෙනයාමේ වැදගත්කම සහ පාරම්පරිකව පැවැත එන ආයුර්වේදය සදහා මුල්තැනක් ලබා දිය යුතු බව ද පෙන්වා දෙන ලදි.

මෙය මූලික වටයේ සාකච්ඡාවක් වන බවත් අද දින සාකච්ඡාවට ගැනුන ඉහත සදහන් සියළු කාරණාවලට අදාලව සම්පූර්ණ වාර්තාවක් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙස ද ආයුර්වේද කොමසාරිස්වරුන්ට දැනුම් දෙන ලදි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435