ඇඳිරි නීතිය තවත් දැඩිවෙයි – මේ දිස්ත්‍රික්ක වලට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය

කොළඹ, ගම්පහ , කළුතර ,යාපනය , පුත්තලම සහ මහනුවර යන් දිස්ත්‍රික්ක සඳහා  නැවත දැනුම් දෙනතුරු  ඇදිරිනීතිය  දිගටම ක්‍රියාත්මක කිරීමට  රජය තීරණය කර ඇත.

මේ වන විට රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම සෙසු  සියලුම දිස්ත්‍රික්කයන්හි  හෙට (30 ) උදෑසන 6.00ට ලිහිල් කරන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පැනවීමට නියමිතය.

මේ අතර කාලයේදී අත්‍යවශ්‍ය  සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

එමෙන්ම  අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා  භාවිත වන  ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද දැනුම් දී  ඇත.

කොරෝනා වෛරසය පැතිරයාම  නැවැත්වීම සඳහා  ගෙන ඇති බොහෝ ක්‍රියාමාර්ග  ජනතාවගේ  යහපත වෙනුවෙන් ගෙන ඇති  බවත්  එම  ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර  කළුතර , අටළුුගම සහ මහනුවර , අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. මේ ගම්මාන දෙකට  කිසිදු පුද්ගලයෙකුට  ඇතුළුවීමට හෝ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය මගින්  නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

 

මූලාශ්‍රය – ලංකාදීප
වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435