ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‘නිල වශයෙන්’ ඉවත් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර දීර්ඝ කාලයක් පැවැති මතභේදවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව ට්‍රම්ප් පාලනය විසින් (7) දින ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දන්වා ඇති බවයි.

මෙම ඉල්ලා අස්වීම ලබන, 2021 වසරේ ජූලි මාසයේ සිට බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සත්‍ය වසන් කළ බවටත් එම සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇති බවටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම චෝදනා කළා.

ට්‍රම්ප් විසින් මෙම තීරණය සම්බන්ධයෙන් ද්වීපාර්ශවික නීති සම්පාදකයන්, වෛද්‍ය සංගම්, නීතීඥ සංවිධාන සහ විදේශයන්හි සිටින මිත්‍ර පාක්ෂිකයන්ගෙන් දැඩි විවේචන එල්ල වී ඇති බව ද සදහන්.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ගත් තීරණය තමා ජනාධිපති ධුරයට පත් වූ වහාම වෙනස් කරන බව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් (7) දින පැවසුවා.

තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් ‘‘පළමු දිනයේදීම’’ එම තීරණය වෙනස් කරන බවයි බයිඩන් සදහන් කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු කුමක්ද – එයට අරමුදල් සපයන්නේ කවුද?

  • 1948 දී ආරම්භ කරන ලද අතර ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටා ඇති එය ගෝලීය මහජන සෞඛ්‍ය සඳහා වගකිව යුතු එක්සත් ජාතීන්ගේ ආයතනයයි
  • සාමාජික රටවල් 194 ක් ඇති අතර, “සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, ලෝකය සුරක්ෂිතව තබා ගැනීම සහ අවදානමට ලක්වූවන්ට සේවය කිරීම” අරමුණු කරයි
  • එන්නත් කිරීමේ ව්‍යාපාර, සෞඛ්‍ය හදිසි අවස්ථා සහ ප්‍රාථමික ප්‍රතිකාර සඳහා සහාය වන රටවලට සම්බන්ධ වීම
  • ධනය සහ ජනගහනය සහ ස්වේච්ඡා දායකත්වය මත පදනම් වූ සාමාජික ගාස්තු එකතුවකින් අරමුදල් සපයයි
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435