ඇසුනිද ? කළමනාකරණ සේවා නිළයට

සිප් සතරින් නිම්තෙරට නොගියද

සා පෙළ හා උ පෙළ සමත්ව

අභියෝග කඩ ඉමෙන් එපිටට

පියවර නැගු එදා

තාරුණ්‍යයේ .. ජවය …….

 

නොලැබුවත් උපාධියක්

ලියා එක්වරක් විභාගය

ගොඩ වුනෙමු අප සැම

රාජ්‍ය සේවයට ……

එදා මෙදාතුර

රාජකාරියේ නිවැරදි මගට

හවුල්කරුවා වී ……….

නායකත්වයට අස්වැසිල්ලක් වී

අඩහැරුමකදීම හැම

සිනා මුවග රදවමින්

එකට අත්වැල් බදින

නිබද කාර්යාලයට සේම

මැති සබයේ ජනමතයට අවැසි වන

කළමනාකරණයේ ප‍්‍රමුඛ

සේවය සලසන්නෝ

නේද අප සැම ………

 

එච්.එම්.ඒ.යූ.එල්. වන්නිනායක, පොලිස් අධිකාරී කාර්යාලය, අනුරාධපුර.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435