ඉතාලියේ රැකියා කරන සැමට වැදගත් වාර්ෂික නිවාඩු ගැන විශේෂ සඳහනක්

ඉතාලියේ සේවකයාට හිමි වාර්ෂික නිවාඩු (ferie) යනු කුමක්ද?

ඉතාලි රැුකියා නීතිය යටතේ සේවකයාට හිමි වාර්ෂික නිවාඩු (ferie) යනු වැටුප සහ එයට අදාල ගෙවීම් ලබා ගනිමින්, ගත කරන්නාවූ නිවාඩු කාලයකි.

සේවකයාගේ මූලික අවශ්‍යතාවන් වන මනෝමය හා සමාජමය අවශ්‍යතාද, සෞඛ්‍ය අවශ්‍යතාවන් මෙන්ම තම පවුල් ජීවිතය සාර්ථකව සහ වඩා ආරක්ෂාකාරීව ගත කිරීමට ඉතාලි ව්‍යවස්ථා නීතිය යටතේ මෙය බලපවත්වා ඇත. (Cost. art 36, comma 1,comma 2)

සාමාන්‍ය නීතියට අනුව නිවාඩු දිනයන් (Ferie) අවම කාලසීමාව සති හතරක් වනවා.

වෘත්තීය සමිති විසින් අත්සන් තබන්නාවූ සාමුහික ගිවිසුම් (CCNL) වලට අනුව මෙම කාල සීමාව දීර්ඝ විය හැකි නමුත් එය අඩු කිරීමක් සිදු විය නොහැකියි.

රැකියාව වසරක් හෝ ඊට අඩු කාලයක් වූවද පරීක්ෂණ කාලයක් වූවද (prova) මෙම නිවාඩු කාලය (ferie) ගනණය කරනු ලබනවා.

රැකියා ස්ථානයේ සංවිධානාත්මක අවශ්‍යතාවන් පදනම් කරගෙන සේවායෝජකයා විසින් නිවාඩු කාලසීමාව තීරණය කල හැකියි.
කෙසේ වෙතත්, නිවාඩු කාලය ලබාගැනීම පිලිබදව ගන්නා වූ තීරණය සේවායෝජකයාගේ අවශ්‍යතා සහ සේවකයාගේ අවශ්‍යතා අතර සාධාරණ සමතුලිතතාවක් තිබිය යුතුයි.

සේවකයාගේ නිවාඩුව (ferie) හෙවත් විවේකය ඉහත සඳහන් පරිදි, ව්‍යයවස්ථානුකූල අයිතියක් වන අතර, එය ගනණය කිරීම සිවිල් නීති සංග‍්‍රහයට අනුව සිදු වනවා. (2109 c.c. 66/2003, 10 213/2004 )

නිවාඩු දින (ferie) ගණනය කරන්නේ කෙසේද?

පූර්න කාලීන ස්ථිර (tempo indeterminato) සේවකයින් සඳහා, නිවාඩු දිනයන් වෘත්තීය සමිති විසින් අත්සන් තබන්නාවූ සාමුහික ගිවිසුම් (CCNL) අනුව තීරණය වනවා.

තාවකාලික(tempo indeterminato) කොන්ත‍්‍රාත් සහිත කම්කරුවන් සඳහා, මෙම නිවාඩු මාසිකව ගණනය කිරීම් සිදු කරනු ලැබේ.

සාමාන්‍යයෙන් නිවාඩු කාලය (ferie)  ගනනය කිරීම සම්බන්ධයෙන් රෝගාතුර නිවාඩු (malattia) කාලයේදී වුවද දින වැඩිවීම සිදු වනවා.

අනිවාර්ය නිවාඩු වන ගර්භනී හා දරැ ප‍්‍රසූතියට අදාල නිවාඩු වන මාතෘ (malattia) හා පීතෘ (paternita) නිවාඩු කාලයන්ද, හදිසි අනතුරකදී ලබා දෙන්නාවු නිවාඩු (infortunio) සහ විවාහය සදහා ලබා දෙන්නාවු නිවාඩු කාලය (congedo matrimoniale) තුලද වාර්ශික නිවාඩු (ferie) ගනනය කරනු ලබනවා.

සකස් කලේ – නීතිඥ සචිනි වර්ණකුලසූරිය
Cell: +39 388 6279735
Email: consulenza.sachini @gmail.com
Pec: sachiniverona@onepec.it

උපුටා ගැනීම – lakhiruitaly වෙබ් අඩවිය

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435