ඉතාලියේ වතු වීසා 18,000ක් ලැබෙන ලකුණු – මෙන්න සම්පූර්ණ විස්තරය

සල්වීනි යුගයේ ප‍්‍රථම Decreto Flusso එක 2019 වසරේ ඒමට නියමිතයි . මේ සඳහා අභ්‍යන්තර කටයුතු ඇමති සල්වීනි යම් විශේෂ කොන්දේසි යටතේ එකගතාවය පල කර තිබෙනවා. දැනට ඉතාලිය තුල අනවසරයෙන් රැඳී සිටිනා තම වැසියන් නැවත තම රටට ගෙන්වා ගැනීමට ඉතාලිය සමග සහයෝගයෙන් කටයුතු නොකරනා රටවල්වලට මේ රැකියා කෝටාවෙන් අවස්ථාවක් නොලැබෙනු ඇති.. (අපේ රට සල්වීනිගෙ black list එකට නැහැ..*

දැනට ඉතාලියේ අනවසරයෙන් රැඳී සිටිනා අය නීත්‍යානුකූල භාවයට පත් කිරීමක්මේ (sanatoria) යටතේ සිදු නොවනු ඇත..

මේ යටතේ ඉතාලියට රැකියා සඳහා ඇතුල් වීමට 30,850 කට අවස්ථාව සැලසෙනු ඇති. මින් වැඩි කොටසක් (18000 ක පමණ) වතු වීසා (lavoro stagionali) ලෙස අපි හඳුන්වන කොටසට අයත් වේ.. මෙසේ ඉතාලියට වතු වීසා යටතේ ඇතුල් වෙන්නවුන් ඉදිරි අස්වනු කාලයේදී කෘෂිකාර්මික ‍ක්ෂේත්‍රයේ රැකියාවල පිහිටවෙනු ඇති.. නියමිත කොන්ත‍්‍රාත් කාලයෙන් පසුව ඔවුන් අනිවාර්‍යයෙන්ම ඉතාලිය හැර තම මවු බිමට යා යුතුය.

වීසා 12,850 ක ප‍්‍රමාණයක් වතු වීසා (non stagionali) නොවෙන කාණ්ඩයට ඇතුලත් කර ඇත. ඉනුත් වැඩිම ප‍්‍රමාණයක් (10,000 කට වඩා) වෙනත් අවසරයන් යටතේ (umanitari, asilo politico, etc..) ඉතාලිය තුල රැඳී ඉන්නවුන්ට , තම පවතින වීසා එක රැකියාවක් සඳහා අවශ්‍ය වූ වීසා එකක් බවට ( permesso di soggiorno per lavoro subordinato ) පත්කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථා සලසනු ඇත.

අවසාන වශයෙන් Lavoro Subordinato කොටසට රැකියා 3000 ක් සඳහා ඉතාලියට ඇතුලූ වීමට ඉඩ ප‍්‍රස්ථා සැලසෙනු ඇත..

ඉදිරියේ එන අභ්‍යන්තර කටයුතු ඇමතිගේ අප‍්‍රිකානු සංචාරයේදී , අනවසර රැඳවියන් , ආපසු ගෙන්වා ගැනීමට ඉතාලිය සමග සහයෝගයෙන් කටයුතු නොකරනා සමහරක් අප‍්‍රිකානු රටවල වැසියන්ට තව දුරටත් රැකියා සඳහා ඉතාලියේ දොරටු විවෘත නොකිරීමෙන්, එම රටවල් ආණ්ඩුවලට යම් පීඩනයක් එල්ල කිරීමට ඇමතිවරයා ගේ බලාපොරොත්තුව වේ.

සෙනගාලය,, අයිවරි කෝස්ට්, මාලි, සුඩානය, ගැම්බියාව වැනි රටවල් අනවසර මිනිස් සංක‍්‍රමණයට එරෙහිව ඉතාලිය සමග කිසිදු සහයෝගාත්මක වැඩ පිළිවෙලකට මේ දක්වා ඇතුලත් වී නොමැත …

Note:

ඕන් දැන් කලබලේට හොරුන්ට, කූට ජාවාරම් කාරයන්ට මඩිය තර කර ගන්න අවස්ථාව සලස්සන්න එපා.. මේක නීතියක් විදියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා එතනින් ගැසට් එකක් හරහා එලි දකින්නත් ඕනෙ.. .ඒ පියවරට තවම ඇවිත් නැහැ.. ඒ දක්වා ඒවි කියල බලාපොරොත්තු වෙමු..

Sujith Yaddehige

(උපුටා ගැනීමකි)

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    කොහෙමද යන්න පුලුවන්

    (2)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435