ඉතාලියේ ශ්‍රී ලාංකිකයෙක් ගුවන් ටිකට්පත් වංචාවක

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෙන් කළ ටිකට්පත් අවලංගු කර යළි මුදල් දීමේ ජාවාරමක් නිසා එහි වෙසෙන ශ්‍රමිකයින් දැඩි අපහසදුතාවයකට පත්ව ඇති බව ලංකාදීප පුවත්පත් වාර්තා කරයි.

එම වාර්තාවෙ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ගුවන් ටිකට්පත් සමාගම විසින් තමන්ට විකුණු ගුවන් ටිකට්පත් අවලංගු කර එම මුදල් යළි ලබාගෙන ඇතැයිද එහි හිමිකරු එමඟින් කෝටී එකහමාරකට වඩා වැඩි මුදලක් වංචා කර ඇතැයිද ඉතාලියෙ ්වෙසෙන හ්‍රී ලාංකිකයන් පිරිසක් පවසා ඇත.

මෙම ශ්‍රමිකයින් ඔන්ලයින් ක්‍රමයට ටිකට්පත් වෙන් කරගෙන ගුවන් තොටුපල වෙත ගොස් විමසීමේදී හම ටිකට් පත් අවලංගු කර එම සමාගම විසින් මුදල් ලබාගෙන ඇති බව දැනගන්නට ලැබී ඇති බවය.

මෙම සමාගමේ හිමිකරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, ඔහුගේ මුළු පවුලම ඉතාලියේ පදිංචි බවත් ඔහුගේ බිරිඳගෙන් මේ බව විමසූ විට තම සැමියා ආගිය අතක් නොදන්නා බවත් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ඉතාලි පොලීසියට පැමිණිලි කර ඇති බව සඳහන්ය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා තනාපති කාර්යාලය දැනුවත් කිරීමටද කටයුතු කරන අතර, මෙම වංචාකරුවන් පිළිබඳව සොයා බලා දැඩි දඩුවම් ලබාදීම රජයේ යුත්කමක් ද වන බව මෙම වංචාවට අසුවූවන් ප්‍රකාශ කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435