ඉතාලියේ ශ්‍රී ලාංකිකයෙකු හදිසි අනතුරකින් මියයයි

ඉතාලියේ, ‘නාපෝලි’ නගරයේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු, හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එරට ආරංචිමාර්ග පවසයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වෙන්නප්පුව, බොරලැස්ස, ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්. මෙරිල් ශාන්ති (අවු.52) නමැති තිදරු පියෙකි..

ඔහු පෙරේදා (18දා) බරපතළ තුවාල සහිතව නාපෝලි නගරේ මාර්ගයක වැටී සිටිය දී රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි නාපොලි ආරංචිමාර්ග සඳහන් කරයි..

මෙරිල් ශාන්ති මහතා, වසර 25ක පමණ කාලයක සිට ඉතාලියේ රැකියාව කරමින්, සිය බිරිඳ හා දරුවන් සමඟ ජීවත්ව සිටී..

මෙම මරණය, මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීමෙන් සිදු වූවක්ද, නැතහොත් පහරදීමක් ද යන්න අනාවරණය කර ගැනීමට, නාපෝලි නාගරික පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත..

නාපොලි නගරයේ, විවිධ ස්වදේශික මැර කණ්ඩායම් ක්‍රියාත්මක වන අතර, එරට ජීවත් වන විදේශිකයන් එම කණ්ඩායම්වල ප්‍රහාරයට ලක්වන බවත්, මරණකරු ද එලෙස ප්‍රහාරයකට ලක්වූවාද යන්න සොයා පරීක්ෂණ සිදු කරන බවත්, එරටින් ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරයි.‍

(උපුටා ගැනීමකි)

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435