ඉතාලියේ සිටින ලාංකිකයින් 08කට කොරෝනා

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

එමෙන්ම වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇතැයි ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර වෛරසය ආසාදිත බවට සැකකරෙන පුද්ගලයින් 08 දෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව රෝම තනාපති කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයින්  40ත් 50ත් අතර පිරිසක් ඉතාලිය තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය

මූලාශ්‍රය -අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435