ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ගෙන්වා ජාවාරමේ නිරත වූ ලාංකිකයින් තිදෙනෙක් කොටුවෙයි

ඉතාලියේ සිට කුරියර් සේවාවන් මඟින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ කල්ලියකට සම්බන්ධ තිදෙනෙක් අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට හැකිවී තිබේ.

රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුත් හෂීස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 278ක් සහ කුෂ් නම් මත් ද්‍රව්‍ය ග්‍රෑම් පහකුත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම්පහක් හා මත් ද්‍රව්‍ය බෙදා හැරීමට භාවිතා කල සුඛෝපභෝගී ජිප් රථයක් සමඟ අත් අඩංගුවට පත්වූ බවයි වාර්තා වෙන්නේ.

සැකකරුවන් තිදෙනා උඩුගම්ප, ජාඇළ හා දළුගමදී පොලිස් රැහැනට හසුවී තිබෙන අතර උඩුගම්පළදී අත් අඩංගුවට පත්වූ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරුව්න් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්ට අනෙකුත් සැකකරුවන් දෙදෙනා අල්වා ගැනීමට හැකියාව ලැබී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435