ඉතාලියේ සිදුවූ රිය අනතුරකින් ලක් තරුණයෙකු මරුට

ඉතාලියේ නපෝලි නගරයේ මරානෝහිදී සිදුවූ රිය අනතුරකින් ලාංකිකයෙකු මරණයට පත්ව තිබෙන බව ඉතාලි ලක් තානාපති කාර්යාලය වාර්තා කරයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාදම්පේ දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ රන්දික දසනායක යන අයයි. ඔහු කලක පටන් ඉතාලියේ නපෝලි නගරයේ සේවය කරමින් සිටි අයෙකි.

ඔහු පසුගිය 25 වෙනිදා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී වෙනත් රථයක ගැටීම නිසා සිදුවූ අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙන අතර රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවත් තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435