ඉතාලියේ සේවයට ගිය ලක් තරුණයෙකු අවාසනාවන්ත ලෙස මියයයි

ඉතාලි ජාතිකයාගෙන් පහර කෑ ලාංකිකයා දින තුනකට පසුව මිය යයි

ඉතාලියේ නාපෝලි නගරයේ ජිවත් වෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටි ශ‍්‍රිලාංකිකයෙක් පසුගිය සිකුරදා (23* ඉතාලි ජාතිකයෙක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග ගොස් ඉතාලි ජාතිකයාගේ පහරදීමකින් බරපතල තුවාල ලබා සිහිසුන් කෝමා තත්වයෙන් දින 3ක කාලයක් නාපොලි සන් ජොවන්නි බොස්කෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (26* සවස මියගොස් ඇති බව එරට ආරංචි මාර්ග පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව බොරලැස්ස ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අශෝක ප‍්‍රනාන්දු නැමති දෙදරු පියෙක්.

ඉකුත් සිකුරාදා (23* දා තුවාල ලැබු ලාංකිකකයා පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයට ආ එම ගොඩනැගිල්ලේ හිමිකරු වන ඉතාලි ජාතිකයා හා ඔහුගේ සොහොයුරෙකු වන අයෙක් ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන් වු කුලි මුදලක් පිළිබඳව ලාංකිකයා සමග වු කතාබහක් දුරදිගොස් මෙම පහරදීම සිදුව ඇති බවට එරට ආරංචි මාර්ග පවසයි.

පහරදීමෙන් පසු ඇදවැටි බරපතල තත්වයෙන් සිටි ලාංකිකයාව අසල සිටි පිරිස් රෝහල් ගත කර ඇති බවත් මොළයට දැඩි හානි සිදුව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසු බව ඔහුගේ ඥාතින් පෙන්වා දෙයි .

 

 

 

 

 

 

 

මූලාශ්‍රය – ලක් හිරු ඉතලි වෙබ් අඩවිය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435