ඉතාලිය තවත් නොසන්සුම් – කොරෝනා මරණ 5000ට ආසන්නයි

මුළු මහත් ලෝකයටම තර්ජනයක්ව ව්‍යාප්තවෙමින් පවතින කොරෝනා වසංගතය නිසා අදවන විට ඉතාලිය තුළ නොසන්සුම්කාරී වාතාවරණයක් පවතියි.

එයට හේතුව වන්නේ දිනෙන් දින කොරෝනා වෛරසය නිසා ඉතාලියේ මරණයට පත්වෙන ප්‍රමාණය ඉහළ යාමයි.

මේවනවිට ඉතාලියෙන් වාර්තා වෙන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 4,825ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ (21)පමණක් එරටින් වාර්තා වෙන මරණ සංඛ්‍යාව 793කි.

එම සංඛ්‍යාවත් සමඟ එක ළඟ දින දෙකකදී ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව පිළිවෙළින් 600 සහ 700 ඉක්මවා ගියේය. සිකුරාදා දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 627ක් වාර්තා විය.මේ අනුව සමස්ත මරණ ගණන 4,825 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්ත වීමට පටන් ගෙන මාසයක පමණ කලයක තුළ මෙලෙස පුද්ගලයින් 4825ක් මියගොස් තිබීම ඉතාමත් ශෝකජනනීය තත්ත්වයක් සේම එරටින් වාර්තා වෙන වැඩිම මරණ සංඛ්‍යාව 793ක් ලෙස ඊයේ දිනයේ සටහන් විය.

මෙම අවදානම් තත්ත්වයේදී ඉතාලියේ වෙසෙන ලාංකිකයින් ගේ ඉදිරි කාලය කෙසේ වෙයිද යන්න පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවීමට කාලය උදාවී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435