ඉතාලි ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ පණිවිඩයක්!

ඉතාලියේ වෙසෙන ලාංකික ප්‍රජාවට එරට ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ සිහිපත් කිරීමක් සිදුකර තිබේ.

එම නිවේදනයට අනුව තානාපති කාර්යාලයෙන් රැගෙන නොයන ලද නව ගමන් බලපත්‍ර, උප්පැන්න සහතික, පොලිස් වාර්තා හෝ පුරවැසි සහතික ඇත්නම්, ඒවා 2018 නොවැම්බර් මස 23, 24 සහ 25 යන තෙදින ශ්‍රී ලංකා තානාපති කාර්යාල‍ය මගින් කටානියා (CATANIA) හීදි පවත්වනු ලබන කොන්සියුලර් ජංගම සේවාවේදි ලබා ගැනීමට පහසුකම් සලසා දී ඇතිබව දන්වා ඇත.

එවැනි ඉල්ලීම් තිබේ නම් පහත සඳහන් තොරතුරු ද සමග අදාළ මුදල් කගවන ලද කුවිතාන්සි පිටපතක් ෆැක්ස් මගින් හෝ ඊ-මේල් මගින් 2018.11.21 දින මධ්‍යහන 12.00 පෙර ත‍ානාපති කාර්යාලය වෙත එවන්න.

1. ඔබගේ නම:-
2. දුරකතන අංකය :-
3. අදාළ ලියවිල්ල කුමක්ද යන වග (උප්පැන්න, පුරවැසි සහති, ගමන් බලපත්‍ර ආදී) හා අයදුම් කරන ලද දිනය:-
4. කුවිතාන්සිකේ ඉහළ සඳහන් කර ඇති අපගේ ලිපි ගොනු අංකය:- (උදා: ITL/2018/AC/… , ITL/RM/CIT/2018/… වැනි)
5. පුරවැසි සහතිකයක් නම් දරුවාගේ නම සහ උපන් දිනය:-

සැලකිය යුතුයි:- තම ලියවිලි රැගෙන එනු ලබන්නේ, ඔබ විසින් ඉල්ලා සිටින ලියවිලි අප සතුව තිබේ නම් හා ඔබ ඉල්ලා සිටිය හොත් පමණි. තවද අදාළ ලියවිලි රැගෙන එන බව දුරකතනය මගින් ඔබ වෙත තහවුරු කළහොත් පමණක් ඒවා
රැගෙන යාමට පැමිණෙන ලෙසද කාරුණිකව දන්වා ඇත.

එබැවින් මෙම නිවේදනය හැකිතාක් ඉතාලියේ ඔබේ මිතුරු මිතුරියන්ට බෙදා හරින්න.

සම්පූර්ණ විස්තරයට මෙතනින් පිවිසෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435