ඉදිරි වසර 07කදී කුවේටය විදෙස් ශ්‍රමිකයින්ට කරන්න යන දේ ඔබ දන්නවාද?

කුවේටයේ ශ්‍රම බලකාය තුළ ස්වදේශිකයින් හා විදේශිකයින් සමතුලිත කිරීමේ අපේක්ෂාවමත ඉදිරි වසර 07තුළ එරට ස්වදේශිකයින්ගෙන් අඩු ආදායම්ලාභීන් ප්‍රමාණය අවම කිරීමේ ක්‍රියාමාර්ග මේ වනවිටත් කුවේටය සැලසුම්කර තිබේ.

කුවේට් මාධ්‍ය වාර්තා කරන පරිදි, එරට ව්‍යවස්ථාදායක දෙපාර්තමේන්තුව විසින් ජනවාර්ගික ව්‍යුහය සංවිධානය කිරීම හා කළමනාකරණය කිරීම සඳහා ජාතික කමිටුවක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ආණ්ඩුවේ නෛතික ආයතනය ආණ්ඩුවේ ආයතනවලින් අදහස් විමසා ඇති බවයි. ඒ අදහස් විමසීම්වලින් අතුරුව ක්‍රියාමාර්ග දියත් කරන බව වැඩිදුරටත් සඳහන්.

දැනට පවතින සංඛ්‍යා වාර්තා අනුව කුවේටය තුළ මිලියන 3.244කට අධික විදේශික ශ්‍රමිකයින් ප්‍රමාණයක් රැකියාවේ යෙදෙන බවත් ස්වදේශිකයින් මිලියන 1.4ක් ප්‍රමාණයක් ශ්‍රම බලකායට ඇතුළත්වී ඇති බවත් තහවුරු කරයි.

කෙසේ නමුත් ශ්‍රම බලකාය තුළ වැඩි අවස්ථාව විදේශිකයින්ට හිමිවී ඇති බැවින් ඉදිරි වසර 07ක් වැනි කලය තුළ විදේශිකයින් ප්‍රමාණය මිලියන 1.7ක් දක්වා අවම කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව අවම වශයෙන් විදේශිකයින් ප්‍රමාණය ඉදිරි බඳවා ගැනීම් පවා සැලකිල්ලට නොගෙන මිලියන 1.5කටත් අධික ප්‍රමාණයක් අවම කිරීමට සිදුවෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඉදිරි වසර 7ක් ඇතුළත කුවේටයේ ශ්‍රම බලකායෙන් විදේශික ශ්‍රමිකයින් මිලියන 1.5කට අධික ප්‍රමාණයකට සිය රැකියාව අහිමිවීමේ අවදානමක් පැනනැගී ඇති අතර රැකියා සඳහා බඳවා ගැනීමේ ප්‍රමාණයද අවම වෙනු ඇතැයි විචාරකයින්ගේ මතයයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Amal says:

    අපේ රටෙත් රැකියා ඒජන්සි වලට ඇබෑර්තු ලැබිල තියෙන්නේ මේ වගේ වාතාවරණයක් පවතිද්දි ද?

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435