ඉන්දීය ධීවරයින්ගෙන් ජයලලිතාට ලියුමක්

30 December 2013 – wedabima.lk

 

ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ති‍්‍රකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් විසින් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියට ලිපියක් යවා තිබේ. 

 

 ශී‍්‍ර ලංකා බලධාරීන් බන්ධනාගාරයේ දී තමන්ට ඉතා හොඳින් සලකන බවත් නිරතුරුව සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බලමින් යම් අසනීප තත්ත්වයක දී ති‍්‍රකුණාමල මහ රෝහලෙන් ප‍්‍රතිකාර ලබාදෙන බවත් ඔවුන් සිය ලිපියේ සඳහන් කොට ඇත. 

 

 ‘‘ශී‍්‍ර ලාංකික දෙමළ ප‍්‍රජාවගෙන් අපිට අහන්න ලැබුණා ඉන්දීය අත්අඩංගුවේ සිටින ශී‍්‍ර ලාංකිකයන්ට හොඳින් සලකන්නේ නැ කියලා.. ඔවුන්ට හොඳින් සලකා ඉක්මණින් නිදහස් කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.. ඔවුන් වෙනුවෙන් මාරාන්තික උපවාසයක් කිරීමට වුවත් අපි සූදානම්..’’ ආදී වශයෙන් ඉන්දියානු ධීවරයින් සිය ලිපියේ ස`දහන් කොට තිබේ.

 

මුලාශ‍්‍රය – rivira.lk

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435