ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරු වර්ජනය දිග්ගැස්සෙයි

ඉන්ධන ප්‍රවාහන දුම්රියක රියදුරෙකුට සහ රියදුරු සහයකවරයෙකුට කිසියම් පිරිසක් විසින් කොලොන්නාව ප්‍රදේශයේදී පහරදීමකට විරෝධය දක්වා ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් ඊයේ (26) පස්වරුවේ ආරම්භකල වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

පහර දිමෙන් තුවාල ලැබූ රියදුරු සහ රියදුරු සහයකවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

වර්ජනය ආරම්භකළ සවස 4 සිට කටුනායක ගුවන් තොටුපළ, බදුල්ල, ගාල්ල, අනුරාධපුරය සහ මඩකළපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ කිසිඳු ඉන්ධන දුම්රියක් ධාවනය නොවූ බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පෙන්වා දී ඇත්තේ.

වඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය ලොකොවෝටිව් ඔපරේටින් ඉන්ජිනියස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ බලධාරීන්ගෙන් නිසි විසඳුමක් හා සාධාරණ තීරණයක් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435